Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 8 ක අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායම සමත්වී තිබේ. මෙතෙක් සහභාගි වූ තරග හතරම ජය ලබා සිටින කොළඹ කණ්ඩායම එහිදී ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 කි.
තරග 3 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින දඹුල්ල කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථනයේ පසුවන අතර එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 ක් ලබා සිටින ගාල්ල කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායමට මෙතෙක් පැවැති එක් තරගයක් හෝ ජයගැනීමට හැකියාවක් ලැබී නැත.
මෙතෙක් පැවැති තරග 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 302 ක් ලබා සිටින කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 4 කදී කඩුලු 9 ක් දවාගෙන සිටින කොළඹ කණ්ඩායමේ අකිල ධනංජය වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි.
තරගාවලියේ තවත් තරග 4 ක් හෙට (29 වැනිදා) සහ අනිද්දා (30 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන් තරග 2 ක් දිවා තරග ලෙසද, 2 ක් රාත්‍රී තරග ලෙසද පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.