Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොළඹ පිල අවසන් මහ තරගයට

කොළඹ පිල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කොළඹ පිල සහ මහනුවර පිල අතර මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06) පැවැති තරගයෙන් කොළඹ පිල ඩක්වත් ලුවිස් න්‍යයට අනුව ලකුණු තුනක තියුණු ජයක් ලැබීය.

කොළඹ පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. මහනුවර පිලට තෙවැනි ස්ථානය සඳහා තරගයට සහභාගි වීමට සිදුවේ.

මහනුවර පිලට ඕවර 50 කදී ලකුණු 290 ක හඹායමින් සිටියදී 38 වැනි ඕවරයේදී වර්ෂාව ඇඳහැළීම නිසා ඕවර 39 කදී ලකුණු 209 ක ඉලක්කයක් බාරවිය.

වමත් පිතිකරු සංගීත් කුරේ ලකුණු 82 ක් ලබා දුවද්දී දැවී ගියේය. සංගීත්ගේ පන්දු 100 ක ඉනිමට හතරේ පහර නවයක් ඇතුලත් විය.

දිමුත් කරුණාරත්න පන්දු 58 කින් ලකුණු 44 ක් රැස් කළේය.

නායක දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 80 ක සම්බන්ධතාවයෙන් මහනුවර පිල හිස එසවීය.

සදීර සමරවික්‍රම ලකුණු හතරකට දැවී යෑමෙන් මහනුවර පිලේ ආරම්භය අසාර්ථක විය.

ඇන්ජලෝ පෙරේරා ඉනිමේ අවසන් ඕවර 10 තුළදී වේගවත් ඉනිමක් දියත් පන්දු 82 කින් ලකුණු 84 ක් රැස්කරමින් කොළඹ පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.

ඇන්ජලෝගේ ඉනිම හතරේ පහර නවයකින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

ෂෙහාන් ජයසූරිය අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 133 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 115 ක් රැස්කර සිටියදී දුවද්දී දැවී ගියේය.

ෂෙහාන් ජයසූරිය සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ලට ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ආහ.

උපුත් තරංග නැවතත් අසාර්ථක වෙමින් ලකුණක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

කසුන් රජිත යැවූ ඉනිමේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවෙදී අවිෂ්ක ප්‍රනාන්දු (05) පන්දුව හිසේ වැදීමෙන් පිටියෙන් ඉවත් විය.

අවිෂ්ක රෝහල්ගත කිරීමෙන් පසුව නේවාසිකව එක්ස්රේ සහ ස්කෑන් පරීක්‍ෂණවලට ලක්වීමෙන් අනතුරුව පස්වරුවේ රෝහලෙන් පැමිණි බව කොළඹ පිලේ කළමනාකරු චරිත් සේනානායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.  

කොළඹ පිලේ නායක දිනේෂ් චන්දිමාල් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


ලකුණු පුවරුව
කොළඹ කණ්ඩායම
අවිෂ්ක ප්‍රනාන්දු - පිටියෙන් ඉවත් වුණා     5
උපුල් තරංග - ක. මූ. කළා ප. රාජිත     1
දිනේෂ් චන්දිමාල් - ඇ. සදීර ප. සේනානායක     35
ෂෙහාන් ජයසූරිය - දුවද්දී දැවී ගියා     115
කමිඳු මෙන්ඩිස් - ඇ. සදීර ප. සංගීත්    13
ඇන්ජලෝ පෙරේරා - දුවද්දී දැවී ගියා     84
සීකුගේ ප්‍රසන්න - ඇ. නිස්සංක ප. රාජිත     17
චාමික කරුණාරත්න - නොදැවී    5
චාමර සිල්වා - නොදැවී    0
අතිරේක    14
එකතුව ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී     289
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු
කඩුලු වැටීම:
1-14(තරංග), 2-82(චන්දිමාල්), 3-111(කමිඳු), 4-249(ෂෙහාන්), 5-279(සීකුගේ), 6-283(අන්ජලෝ)

පන්දු යැවීම:
නුවන් ප්‍රදීප්: 10-1-66-0, කසුන් රාජිත: 9-1-74-2, තිසර පෙරේරා: 8-0-47-0, සචිත්‍ර සේනානායක: 10-0-28-1, සංගීත් කුරේ: 4-0-17-1, ජෙෆ්රි වැන්ඩසේ: 6-0-34-0, චතුරංග ද සිල්වා: 3-0-14-0


මහනුවර කණ්ඩායම
සදීර සමරවික්‍රම - ප. ලක්මාල්     4
දිමුත් කරුණාරත්න - ඇ. චාමික ප. කමිඳු     44
සංගීත් කුරේ - දුවද්දී දැවී ගියා     82
පැතුම් නිස්සංක - ක. මූ. කළා ප. සීකුගේ     36
සචිත්‍ර සේනානායක - ප. සීකුගේ    23
ප්‍රියමාල් පෙරේරා - නොදැවී    2
තිසර පෙරේරා - නොදැවී    9
අතිරේක    5
එකතුව ඕවර 39 කදී කඩුලු 5 ක් දැවී     205
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
චතුරංග ද සිල්වා, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩසේ

කඩුලු වැටීම:
1-7(සදීර), 2-87(දිමුත්), 3-145(නිස්සංක), 4-191(සංගීත්), 5-194(සචිත්‍ර)

පන්දු යැවීම:
සුරංග ලක්මාල්: 6-2-24-1, අසිත ප්‍රනාන්දු: 6-0-29-0 , ෂෙහාන් ජයසූරිය: 7-0-36-0, චාමික කරුණාරත්න: 4-1-18-0, සීකුගේ ප්‍රසන්න: 9-0-55-2, කමිඳු මෙන්ඩිස්: 7-0-41-1


- 048

 


අදහස් (0)

කොළඹ පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.