Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙසැම්බර් මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා එක්සත් ආරාබි එමීර් රජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 (ටී-10) ක්‍රිකට් තරගාවලිය සඳහා ‘ටීම් ශ්‍රී ලංකා ක්‍රිකට්’ ලෙසින් කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියෙන් ජය ලැබූ කොළඹ කණ්ඩායම, ‘ටීම් ශ්‍රී ලංකා ක්‍රිකට්’ ලෙසින් මෙම තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ක්‍රිකට් ක්‍රීඩාවට දහයයි10 ආකෘතිය හඳුන්වාදීම සඳහා මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහිදී කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතුවේ. ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක කාලක් හිමි වන අතර තරගයක් මිනිත්තු 90 ක කාලයක් පුරා පැවැත්වේ.
දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් අතරින් ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.
ඇන්ජලෝ ජයසිංහ, නිපුන් කරුණානායක, අලංකාර අසංක සහ කසුන් මධුෂංක කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් වන අතර අවිෂ්ක ගුණවර්ධන මහතා එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
කෙසේ වුවත් මෙම ක්‍රීඩකයන් අතරින් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වන ක්‍රීඩකයන්ට මෙම දහයයි10 තරගාවලිය අහිමිවනු ඇත.
මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර මෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත්ද මෙම තරගාවලිය සඳහා සහභාගි වෙති. එහිදී සංගක්කාර ‘මරාතා ඇරබියන්ස්’ කණ්ඩායමටද, හේරත් ‘පංජාබි ලෙජන්ඞ්ස්’ කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතය.
‘ටීම් ශ්‍රී ලංකා ක්‍රිකට්’ කණ්ඩායමට අමතරව මාරාතා ඇරබියන්ස්, පක්ටූන්, පංජාබි ලෙජන්ඞ්ස්, කේරලා කිංග්ස්, බෙන්ගාල් ටයිගර්ස් සහ යන කණ්ඩායම් 5 ද මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.
එහිදී විරේන්ද්‍ර සෙවැග් විසින් මාරාතා ඇරබියන්ස් කණ්ඩායමද, ෂොයිබ් මලික් විසින් පංජාබි ලෙජන්ඞ්ස් කණ්ඩායමද, සහීඞ් අෆ්රිඩි විසින් පක්ටූන් කණ්ඩායමද, ඔයින් මෝගන් විසින් කේරලා කිංග්ස් කන්ඩායමද, සෆ්රාස් අහමඞ් විසින් බෙන්ගාල් ටයිගර්ස් කණ්ඩායම මෙහෙයවනු ලබති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.