Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. අවසන් මහ තරගය ලබන මස 2 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.
කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින් සම ස්ථානයේ පසුවුවද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය.
තරග 2 බැගින් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබාගත් මහනුවර සහ ගාල්ල කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන වලට පත්විය.
ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් තරග 6 කදී ලකුණු 312 ක් රැස්කළ මහනුවර කණ්ඩායමේ දසුන් ශානක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන අතර ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් තරග 5 කදී ලකුණු 310 ක් රැස්කළ කොළඹ කණ්ඩායමේ උපුල් තරංග දෙවැනි ස්ථානයේ පසුවන්නේය. උපුල් තරංගට තවත් තරගයත් ඉතිරිව ඇති බැවින් අවසන් මහා තරගයේදී දසුන් ශානක පසුකර යෑමට ඔහුට අවස්ථාව ඇත.
ගාල්ල කණ්ඩායමේ කසුන් රාජිත තරග 6 කදී කඩුලු 13 ක් ලබාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන අතර තරග 6 කදී කඩුලු 10 ක් දවාගත් මහනුවර කණ්ඩායමේ චරිත් අසලංක දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
කොළඹ කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් තරග 6 කදී සහ අකිල ධනංජය තරග 5 කදී කඩුලු 9 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු ලාභින් අතර තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.
ඡායාරූපය - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.