Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෝලි ඉන්දීය කණ්ඩායම ඔසවා තබයි

කෝලි ඉන්දීය කණ්ඩායම ඔසවා තබයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලිගේ නායකත්වයේ ඉනිම හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස්කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. 

දෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 9 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 9 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 22 ක් ඉදිරියෙන් සිටියි. 

එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් ලකුණු ලබාගැනීමටත් පෙර පිටියෙන් ඉවත්ව ගියේ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. කුක් ටෙස්ට් තරගයකදී අශ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය 9 වැනි අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක්විය. 

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 287 ට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 274 ක් ලබාගත් අතර ඉන් ලකුණු 149 ක්ම වාර්තා වූයේ නායක විරාට් කෝලිගේ පිත්තෙනි. සෙසු පිතිකරුවන් ආසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් කෝලි, සිය 22 වැනි ටෙස්ට් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 22 කින් අලංකාර කළේය. 

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් මුරලි විජේ (20) සහ ශිකර් ධවාන් (26) අතර පැවැති සම්බන්ධතාව ලකුණු 50 කට සීමා කරමින් ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට සෑම් කරන් සමත් විය. ඉන් නොනැවතුන කරන්, ලොකේෂ් රාහුල් (4) සහ හර්දීක් පාණ්ඩ්‍යා (22) ද දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. 

ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා කරන්ට අනගි සහායක් දුන් ආදිල් රෂීඞ්, ජේම්ස් ඇන්ඩසන් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් බිඳ හෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ. 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 287 
(කීටන් ජෙනින්ග් 42, ජෝ රූට් 80, ජොනී බෙයාර්ස්ටෝ 70, බෙන් ස්ටෝක්ස් 21, සෑම් කරන් 24, රවිචන්ද්‍රන් අශ්වින් 62/4, මොහොමඞ් ශාමී 64/3) 

ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 274 
(මුරලි විජේ 20, ශිකර් ධවාන් 26, විරාට් කෝලි 149, හර්දීක් පාණ්ඩ්‍යා 22, සෑම් කරන් 72/4, ආදිල් රෂීඞ් 31/2, ජේම්ස් ඇන්ඩසන් 41/2, බෙන් ස්ටෝක්ස් 73/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 09 

-036 


අදහස් (0)

කෝලි ඉන්දීය කණ්ඩායම ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.