Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (21 වැනිදා) නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 520 ක ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම, කිසිවකු නොදැවී ලකුණු 23 ක් ලබා ඉන්දියාවට වඩා තවත් ලකුණු 498 ක් පසුපසින් සිටියේය.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඇලිස්ටෙයාර් කුක් හතරේ පහරක් සමග ලකුණු 9 ක්ද, කීටන් ජෙනිංග්ස් හතරේ පහර 2 ක් සමග ලකුණු 13 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ. අද (21 වැනිදා) තරගයේ සිවුවැනි දිනයයි.
දෙවැනි දිනය වූ පෙරේදා (19 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩකයෝ, ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 228 ක් එක්කර ගැනීමෙන් අනතුරව ඉනිම අත්හිටුවා එංගලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියහ.
එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 23 වැනි ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය. පළමු ඉනිමේදී ශතකයට ලකුණු 3 ක් පසුපසින් සිටියදී දැවීගියද, දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස්කිරීම නිසා ඉනිම් දෙකේදීම රැස්කළ ලකුණු සංඛ්‍යාව 200 ක් දක්වා ඉහළ දමාගැනීමටද කෝලිට හැකි විය.
මෙම ඉනිමත් සමගින් ඉන්දීය නායකයකු එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ වාර්තාව තමා සතු කරගැනීමටද විරාට් කෝලි සමත්විය. මෙම තරගාවලියේ ඉනිම 6 කදී විරාට් කෝලි විසින් රැස්කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 440 කි.
චෙටේෂ්වර් පුජාරා (72) සමග එක්ව ඉන්දීය දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය. බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ඇලිස්ටෙයාර් කුක් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයව විට පුජාරාගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ.
තරමක වේගවත් පිතිහරඹයක නිතර වූ හර්දීක් පාණ්ඩ්‍යා (නොදැවී 52) සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉන්දීය ඉනිම අත්හිටුවීමට කෝලි තීරණය කළේය. පන්දු 52 කට මුහුණදුන් පාණ්ඩ්‍යා, හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශකකය සැරසීය.
එහිදී ඉන්දීය කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳහෙළීමට ආදිල් රෂීඞ් සමත් වුවද, ඔහු යැවූ ඕවර 27 තුළ ලකුණු 101 ක් රැස්කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ.
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 329
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 161
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 352
(ශිකර් ධවාන් 44, ලෝකේෂ් රාහුල් 36, චෙතේෂ්වර් පුජාරා 72, විරට් කෝලි 103, අජින්ක්‍යා රහනේ 29, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 52, ආදිල් රෂීඞ් 101/3, බෙන් ස්ටෝක්ස් 68/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 23
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.