Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෝලි දවාගන්න බැරිවීම අපේ අවාසනාවක්

කෝලි දවාගන්න බැරිවීම අපේ අවාසනාවක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඉදිරියේ එන එංගලන්ත පිලේ ශී‍්‍ර ලංකා සංචාරය සඳහා හීන් සීරුවේ පුහුණුවීම් කරමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම හිටි අඩියේම ඉන්දියාවේදී පැවැති තරගාවලියට යවන ලදි. ඔවුන් තරග සඳහා සූදානමකින් නොසිටි බව තරගාවලිය පුරාම තහවුරු විය. කල්වේලා ඇතිවම තරගාවලියේ පෙරමුණ ගත් ඉන්දියාව, එතැන් සිට කිසිදු අනුකම්පාවකින් තොරවම ශී‍්‍ර ලංකා පිලට තඩි බෑවේය.

ඉන්දීය පිල තරගාවලිය ජයගෙන තිබියදීත්, අසරණ වූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ රෝහිත් ෂර්මා, තුවාලයේ තවදුරටත් ලූණු තවරමින්, ඒ වන විටත් කිසිදු උනන්දුවක් නොතිබූ තරගයක් තරගාවලියේ වැඩියෙන්ම කතාබහට ලක්වූ තරගයක් බවට පත්කළේය. ඒ සිවුවැනි එක්දින තරගයේදී ලකුණු 264 ක් ලබාගනිමින් ලෝක වාර්තා දෙකක් පිහිටුවමිනි.

එසේ වුවත් ඉරිදා (16 වැනිදා) රංචිහිදී පැවැති අවසන් එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය ආසන්නයටම පැමිණියේ නැවත වරක් පෙරමුණේ රාළ ලෙසින් සිය කණ්ඩායම මෙහෙයවූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 116 කින් අපරාජිත ලකුණු 139 ක් ලබාගත් හෙයිනි.

සිය පිතිහරඹය අවසන් කළ වහාම පන්දුව අතට ගත් ශී‍්‍ර ලංකා නායකයා ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාම (අජින්ක්‍යා රහනේ සහ රෝහිත් ෂර්මා) පිටියෙන් ඉවත් කළේය. එපමණක් නොව අති විශිෂ්ට ගණයේ උඩපන්දුවක් රැුකගනිමින් රොබින් උත්තපාගේ ඉනිම ලකුණු 19 කට සීමා කිරීමටත් මැතිව්ස් සමත් වූ නමුත් ශී‍්‍ර ලංකා නායකයාගේ තුන් ඉරියව් දස්කම් සියල්ලම බල රහිත කළ විරාට් කෝලි නැවත වරක් අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් මැතිව්ස්ට සැනසුම් සුසුමක් හෙළිමට තබූ අවසන් අවස්ථාවක් විනාශ කර දැම්මේය.

කෝලි දමනය කරගැනීමට තම පන්දු යවන්නන් අසමත් වූ බව මැතිව්ස් පිළිගත්තේය.

”අපි ඇත්තටම ඔහුව දවාගන්න අවස්ථා කිහිපයකම උත්සාහ කළා. පිටියට ආව වෙලාවේදීත්, ඔහුගේ ඉනිම අතර මැදදීත් අපි ඒ උත්සාහය ගත්තා...මොකද අපි දැනගෙන හිටියා ඔහුගේ කඩුල්ල තීරණාත්මකයි කියලා..ඒත් අපි අසාර්ථක වුණා”

”ඒ නිසා අපි අවසානයේදී තීරණය කළේ අනෙක් අන්තයෙන් ආක‍්‍රමණශීලීව පන්දු යවන්නයි. ඒත් කෝලි අති විශිෂ්ට ආකාරයෙන් පන්දුවට පහර දුන්නා. අවාසනාවට වගේ අපට ඔහුව පාලනය කරගන්න බැරිවුණා” යයිද මැතිව්ස් පැවසීය.

එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ශී‍්‍ර ලංකා පිල 5x0 කින් තරගාවලිය පරාජය වීමයි.

තරගාවලිය පුරාම ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් හොඳින්ම දස්කම් දැක්වූ කී‍්‍රඩකයා මැතිව්ස්ය. තරග 5 කදී ලකුණු 339 ක් ලබාගත් මැතිව්ස්ට යන්තමින් හෝ ආසන්න වූයේ ලකුණු 199 ක් ලබාගත් මහේල ජයවර්ධන පමණි. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නාද මැතිව්ස් වූ නමුත් ඒ කඩුලූ සංඛ්‍යාව 4 ක් පමණක් වීමෙන් සියල්ලම පහදාගත හැකිය.

කඩුලූ 4 ක් දවාගත් අනෙක් පන්දු යවන්නා වූ අජන්ත මෙන්ඩිස්, අවසන් එක්දින තරගයේ 44 වැනි  ඕවරයේදී පිට පිටම කඩුලූ දෙකක් දවාගනිමින් තරගය ශී‍්‍ර ලංකා පිල වෙත ඇදගැනීමට උත්සාහ කළ නමුත් පන්දු 14 කින් ලකුණු 17 ක් ලබාගත් අක්ෂර් පතෙල් සිය නායකයා බලාපොරොත්තු වූ සහයෝගය පළකළේය.

මෙම තත්ත්වයෙන් පෙන්නුම් කරන්නේ පිතිකරුවන් දවාගැනීම සඳහා මැතිව්ස්ට තිබූ අවස්ථා කොතෙක් විරළ වූයේද යන්න මිස අනෙකක් නොවේ.

ලසිත් මාලිංග සහ රංගන හේරත් නොමැතිවීම නිසා ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීමේ අංශය සහමුලින්ම කඩා වැටී තිබිණ. තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දීම කොතෙක් වැදගත් වන්නේද යන්න පිළිබඳව මැතිව්ස් අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා තිබුණ. එසේ වුවත් ඔවුන් දිගින් දිගටම අසාර්ථක වීම සම්බන්ධයෙන් නම් නැවතත් නිසි තක්සේරුවක් කළ යුතුව තිබේ. ඔවුන් පන්දු යැවූයේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු මත සැබෑවක් නමුත් එය බලාපොරොත්තු නොවිය යුතු තත්ත්වයක් නොවේ.

මෙම තරගාවලියේදී කී‍්‍රඩකයන් දැක්වූ දස්කම් නිසා තමන් ”අසීරු තත්ත්වයකට පත්වුණා” මෙන්ම ”කළකිරීමට පත්වී සිටිනවා” වැනි යෙදුම් කිහිප අවස්ථාවකදීම යොදාගැනීමට ශී‍්‍ර ලංකා නායකයාට සිදුවිය. එහෙත් එවැනි වදන් වලින් සිය කණ්ඩායම් සගයන්ට තත්ත්වය ඒත්තු ගැන්වීමට නොහැකි විය. සිය පන්දු යවන්නන් ඊට වඩා දස්කම් දැක්විය යුතු බව නායකයා එළිපිටම කීවේය.

පස්වැනි එක්දින තරගය පැවැති රංචිහිදී පන්දු යවන්නනට වඩාත් වාසිදායක තණතීරුවක් ලැබිණ. එහි පන්දුවේ ඉපිළිම තරමක් විවිධාකාරී විය. පස්වැනි  ඕවරය නිමාවේදී ලකුණු 14 කට කඩුලූ 2 ක් බිඳවැටී තිබියදීත් විරාට් කෝලි සහ අම්බටි රයියදු අතර ලකුණු 136 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අවසර දුන්හ. සියල්ල වෙනස් වූයේ එතැනිනි.

”ඒ තණතීරුවේ පන්දුවට පහර දීම අසීරුයි. පන්දුව පිත්තට ගලාඑන්නේ නෑ. පිතිකරුවන්ට තමන්ගේ වෙලාව එන තුරුම කඩුල්ලේ රැුඳී ඉඳිමින්, ඉතා වෙහෙසීමෙන්, ලකුණු කරා යන්න සිදුවුණා”

”මා හිතන්නේ අපි ඒ දේ කළා. ඒත් අවාසනාවකට වගේ පන්දු යවන්නන්ට කිසිම ඉලක්කයක් තිබුණේ නෑ. විශේෂයෙන්ම දග පන්දු යවන්නන් හැම තැනම පන්දුව අතෑරියා” යයිද මැතිව්ස් පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පිතිකරුවන්ගේ පැත්තෙන් කිසියම් ධනාත්මක ප‍්‍රවණතාවක් පෙන්නුම් කළ නමුත් වඩාත් කැපීපෙනෙන දස්කම් පෙන්වූයේ තරග දෙකකදීම අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු අතරට ආ ළහිරු තිරිමාන්නයි. ඒ අර්ධ ශතක දෙකේදීම මැතිව්ස් සමග එක්ව ශතක සම්බන්ධතා ගොඩනැංවීමට තිරිමාන්න සමත් විය.

මැතිව්ස් පිතිකරුවන්ට තරමක බුරුළක් දැක්වූ නමුත් සෙසු පිතිකරුවන් තවත් ලකුණු කිහිපයක් ලබාගත්තා නම් හොඳ යයි අදහස් කරයි.

”අනෙක් පිතිකරුවනුත් තව ලකුණු ලබාගන්නවා දකින්න මා කැමතියි. ඒත් මා හැම තිස්සේම කියන්නේ, කවුරුහරි කමක් නෑ, තමන්ගේ අවස්ථාව ආවම එය දිගටම අරගෙන යන්න  ඕනෑ. මම අද පන්දුවට පහර දුන් අකාරය ගැන නම් මා ඉතාමත් සතුටු වෙනවා” යයිද මැතිව්ස් පැවසීය.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේදී මහේල ජයවර්ධනගේ පිතිකරු භූමිකාව ගැන අදහස් දැක්වීමට මැතිව්ස් ඉදිරිපත් නොවීය.

මහේල ප‍්‍රසිද්ධියේම පවසා තිබුණේ තමන් එක්දින තරග වලදී මැද පෙළ කී‍්‍රඩා නොකර, ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කිරීමට වඩාත් කැමති බවයි.

”අප තවමත් ඒ ගැන ඒ තරම් හිතලා නෑ. අපි නැවතත් ශී‍්‍ර ලංකාවට ගියාම ඒ ගැන තේරීම් කමිටු නිලධාරීන් එක්කත් සාකච්ඡුා කරලා බලනවා”

”ඒ හැම විකල්පයක්ම තියෙනවා. අපි ඒ දිහා සුබවාදීවයි බලන්නේ. ඒත් අපි ඒ ගැන තවමත් තීරණයක් නෑ” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

විස්ඩන් ඉන්දියා ඇසුරිනි


අදහස් (3)

කෝලි දවාගන්න බැරිවීම අපේ අවාසනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.