Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෞෂාල් සිල්වාගෙන් ද්විත්ව ශතකයක්

කෞෂාල් සිල්වාගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ බ්ලූම්ෆිල්ඞ් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆිල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (24 වැනිදා) අවසන් වූ අතර පළමු ඉනිමේ ජය එස්.එස්.සී. පිලට හිමි විය.

දෙවැනි දිනයවූ ඊයේ තරගය නිමාවනවිට නොදැවී ලකුණු 175 ක් රැස්කරගෙන සිටි කෞෂාල් සිල්වා අද ද්විත්ව ශතකය (නොදැවී 202) වාර්තා කිරීමට සමත්විය. පන්දු 289 කදී වාර්තාවූ කෞෂාල් සිල්වාගේ ද්විත්ව ශතකය හයේ පහර දෙකකින් සහ හතරේ පහර 17 කින් අලංකාර විය.

එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක ලකුණු 161 කට කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

අද අවසන්වූ අනෙක් තරගවලදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සී.සී.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් සමත්වූ අතර ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

සී.සී.සී. පිලේ වනිඳු හසරංග කෝල්ට්ස් පිලට එරෙහිව ශතකයක් සහ කෝල්ට් දෙවැනි ඉනිමේදි කඩුලු 8 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් පෑමට සමත්විය. එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 129 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

මෙම සති අන්තයේ අවසන්වූ තරග වලදී එස්.එස්.සී. පිලේ කෞෂාල් සිල්වා (නොදැවී 202) ද්විත්ව ශතකයක්ද, එස්.එස්.සී. පිලේ දිමුත් කරුණාරත්න (143), බ්ලූම්ෆිල්ඞ් පිලේ නිපුන් කරුණානායක (122), සී.සී.සී. පිලේ වනිඳු හසරංග (120) සහ මාධව වර්ණපුර (111), බී.ආර්.සී. පිලේ දේශාන් ඩයස් (105), එන්.සී.සී. පිලේ ඇන්ජලෝ පෙරේරා (104), ද්‍රවිඩ සංගම් පිලේ මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී 119), සහ රාගම පිලේ ජනිත් ලියනගේ (130) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

එස්.එස්.සී. පිලේ සචිත්‍ර සේනානායක (82/7), සී.සී.සී. පිලේ වනිඳු හසරංග (26/8), කෝල්ට් පිලේ කවීෂ්ක අංජුල (60/5), එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය (59/6), ද්‍රවිඩ සංගම් පිලේ දමිත සිල්වා (82/5), සැරසන්ස් පිලේ මොහොමඞ් ඩිල්ශාඞ් (75/5) සහ රාගම පිලේ සහන් නානායක්කාර (51/5) කඩුලු 5 බැගින් දවාගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.


බ්ලූම්ෆිල්ඞ් - පළමු ඉනිම - ඕවර 83.4 කදී සියලුදෙනා දැවී ලකුණු 263
(ළහිරු ජයකොඩි 86, අදීෂ නානායක්කාර 23, නිපුන් හග්ගල්ල 25, ළහිරු සමරකෝන් 34, සචිත්‍ර සේනානායක 82/7, කසුන් මදුශංක 43/2)

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 96 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 464
(දිමුත් කරුණාරත්න 143, කෞෂාල් සිල්වා නොදැවී 202, ශම්මු අශාන් 66, මිලින්ද සිරිවර්ධන නොදැවී 28, නිපුන් කරුණානායක 59/2)

බ්ලූම්ෆිල්ඞ් - දෙවැනි ඉනිම - ඕවර 74 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 277
(නිපුන් කරුණානායක 122, නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, අදීෂ නානායක්කාර නොදැවී 57, සචිත්‍ර සේනානායක 79/2)

 

සී.සී.සී. සහ කෝල්ට් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

සී.සී.සී. පිලට ඉනිමක ජයක්

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(ප්‍රිමෝෂ් පෙරේරා 26, කවීෂ්ක අංජුල නොදැවී 24, මනෙල්ක ද සිල්වා 13/3, ළහිරු ගමගේ 29/3, අශාන් ප්‍රියංජන් 01/2, ලක්ෂාන් සඳකැන් 05/2)
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 96.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 385
(රොන් චන්ද්‍රගුප්ත 29, කුසල් මෙන්ඩිස් 25, මාධව වර්ණපුර 111, වනිඳු හසරංග 120, මනෙල්ක ද සිල්වා 30, කවීෂ්ක අංජුල 60/5, ප්‍රභාත් ජයසූරිය 87/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(පසිඳු ලක්ෂංක 45, සංගීත් කුරේ 34, කවීෂ්ක අංජුල 22, වනිඳු හසරංග 26/8)

 

එන්.සී.සී. සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. පිලට කඩුලු 5 ක ජයක්

බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 77.4 කදී සියලුදෙනා දැවී ලකුණු 244
(දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සනිත ද මෙල් 22, සුරාජ් රංදීව් 24, ලසිත් ඇඹුල්දෙණිය 59/6, ළහිරු කුමාර 34/2, තරිඳු කෞෂාල් 64/2)
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලුදෙනා දැවී ලකුණු 322
(සඳුන් වීරක්කොඩි 27, ළහිරු උදාර 49, ඇන්ජලෝ පෙරේරා 104, තරිඳු කෞෂාල් 44, මහේල උඩවත්ත 27, ළහිරු කුමාර 24, සුරාජ් රංදීව් 83/3, හිමේෂ් රත්නායක 33/2, චාමික එදිරිසිංහ 77/2)
බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 56.2 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(ලිසුල ලක්ෂාන් 80, රුමේෂ් බුද්ධික නොදැවී 50, ලසිත් ඇඹුල්දෙණිය 70/4, ළහිරු කුමාර 27/3)
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 23.1 කඩුලු 5 ක් දැවී ලකුණු 103
(ළහිරු උදාර 32, මහේල උඩවත්ත 50, තිලකරත්න සම්පත් 39/2)

 

යුදහමුදාව සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්

යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 111.2 කදී සියලුදෙනා දැවී ලකුණු 331
(ලක්ෂිත මදුශාන් 87, නවෝද් ඉලුක්වත්ත 21, කසුන් ද සිල්වා 72, ජනිත් සිල්වා 54, ලක්ෂාන් මදුශංක 22, දමිත සිල්වා 82/5, ජීවන් මෙන්ඩිස් 60/3)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 114.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 435
(සිතිර ගිම්හාන් 96, කිත්රුවන් විතානගේ 46, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 119, ශාලික කරුණානායක 23, රමිත රඹුක්වැල්ල 30, දමිත සිල්වා 44, ශෙහාන් මදුශංක 23, නුවන් ලියනපතිරණ 75/3, ලක්ෂාන් මදුශංක 121/2, විරාජ් පුෂ්පකුමාර 61/2)
යුදහමුදාව - දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 170
(නවෝද් ඉලුක්වත්ත 69, ලක්ෂාන් එදිරිසිංහ 23, සංජික රිද්ම නොදැවී 29, ජීවන් මෙන්ඩිස් 41/2, දමිත සිල්වා 47/2)

 

රාගම සහ සැරසන්ස් කණ්ඩායම් අතර තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී

රාගම - සැරසන්ස් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

රාගම - පළමු ඉනිම - ඕවර 77.4 කදී සියලුදෙනා දැවී ලකුණු 266
(ජනිත් ලියනගේ 130, ළහිරු තිරිමාන්න 80, චතුර පීරීස් 25, මොහොමඞ් දිල්ශාඞ් 75/5, ඇන්ඩි සොලමන් 34/2, සාලිය සමන් 56/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(ඇන්ඩි සොලමන් 36, හර්ෂ කුරේ 52, ප්‍රමෝද් මදුවන්ත 44, කවිඳු නිර්මාල් 25, සචිත්‍ර පෙරේරා 20, සහන් නානායක්කාර 51/5, අමිල අපෝන්සු 51/3)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 63.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 211
(උදාර ජයසුන්දර 97, ඉශාන් ජයරත්න 34, රොෂාන් ජයතිස්ස 64/3, සාලිය සමන් 37/2)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 222
(රුවිඳු ගුණසේකර 70, ඇන්ඩි සොලමන්ස් 30, මොහොමඞ් ජලීල් 51, සාලිය සමන් නොදැවී 36)

 


අදහස් (0)

කෞෂාල් සිල්වාගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.