Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කිංග්ස් XI පන්ජාබ් පෙරමුණට

කිංග්ස් XI පන්ජාබ් පෙරමුණට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 23 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 6 කට සහභාගිවී ඇති කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම තරග 5 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් තරග 4 බැගින් ජයගනිමින් ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සිටිති. එහෙත් දළ ලකුණු වේගය අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානයත් හිමිව තිබේ.

තරග 3 බැගින් ජයගත් කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිකර ගනිමින් පිළිවෙලින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැඳී සිටිති. 

තරග 2 ක් ජයගත් විරාට් කෝලී නායකත්වය දරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයට පත්වී ඇති අතර එක් තරගයක් පමණක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් යන කණ්ඩායම් වලට පිළිවෙලින් හිමිවී ඇත්තේ හත්වැනි සහ අටවැනි ස්ථානයන්ය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කේන් විලියම්සන් තරග 6 කට සහභාගීවී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 259 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 84 ඉනිමකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මායන්ක් මාකන්ඩේ සමත් වී ඇති අතර තරග 6 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 10 කි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 23 කට කඩුලු 4 ක් දවාගැනීම මායන්ක් මාකන්ඩේගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේය.


 


අදහස් (0)

කිංග්ස් XI පන්ජාබ් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.