Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර කොල්කටාහිදී අද (21 වැනිදා) පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 192 ක ඉලක්කයක් හඹා යෑමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම පිටියට පිවිසියද ඕවර 8.2 කදී කිසිවකු නොදැවී ලකුණු 96 ක් රැස්කර සිටියදී වර්ෂාව ඇතිවීම හේතුවෙන් තරගය මිනිත්තු 90 ක පමණ කාළයක් නතර කිරීමට සිදුවිය.
නැවතත් ඇරඹි තරගය ඕවර 13 කට සීමාවූ අතර කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ලකුණු 125 ක නව ඉලක්කයක් හිමිවිය. ඕවර 11.1 කදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායමට හැකිවිය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරුවන්වූ ලෝකේෂ් රාහුල් සහ ක්‍රිස් ගේල් අර්ධ ශතක රැස්කරමින් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූ අතර පළමු කඩුල්ල සදහා පන්දු 58 කදී ලකුණු 116 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔවුන් සමත්වූහ.
ලෝකේෂ් රාහුල් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළ අතර ක්‍රිස් ගේල් පන්දු 38 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක් රැස්කිරීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගත් ක්‍රිස් ලයන් පන්දු 41 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 74 ක් රැස්කිරීමට සමත්විය.
දෙවැනි කඩුල්ල සදහා රොබින් උතප්පා සමගින් පන්දු 40 කදී ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ක්‍රිස් ලයන් සිවුවැනි කඩුල්ල සදහා ඩිනේෂ් කාර්තික් සමගින් පන්දු 34 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.
ක්‍රිස් ලයන්ට අනගි සහයක් ලබාදෙමින් පන්දු 28 කට මුහුණදුන් ඩිනේෂ් කාර්තික් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.
ඇන්ඩි්‍රව් ටේ සහ බාරින්ද ස්‍රාන් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනස්කමක් සිදුනොකරමින් පෙර තරගයට ක්‍රීඩා කළ කණඩායමම මෙම අද තරගයට සහභාගී කරවන අතර කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් මෝහීත් ශර්මා වෙනුව අන්කිත් රාජ්පුත් කණ්ඩායමට කැඳවා ඇත.
කාසියේ දිනාගත් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අශ්වින් පළමුව පන්දුවට පහරදීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 191
(ක්‍රිස් ලයන් 74, රොබින් උතප්පා 34, ඩිනේෂ් කාර්තික් 43, ඇන්ඩි්‍රව් ටේ 30/2, බාරින්ද ස්‍රාන් 50/2)
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 13 කදී කඩුල්ලක් දැවී ලකුණු 126
(ලෝකේෂ් රාහුල් 60, ක්‍රිස් ගේල් නොදැවී 62)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.