Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාටින් ගප්ටිල්ගේ (118) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම© එරෙහිව ක්‍රිස්ට්චර්ච් හිදී පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 8 කින් ජයගැනීමට නවසීලන්තය ඊයේ (16 වැනිදා) සමත්විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට නවසීලන්තය සමත්විය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කළ අතර ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 226 ක් පමණි.
ලකුණු 93 ක් තුල බංග්ලාදේශ පිතිකරුවන් පස්දෙනෙකුම ක්‍රීඩාගාරය වෙත ආපසු හරවා යැවීමට නවසිලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ මොහොමඞ් මිතුන් හයවැනි කඩුල්ල සඳහා සබීර් රහ්මන් සමගින් එක්ව පන්දු 82 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිම තරමක් දුරට ගොඩනැගීමට සමත්විය.
පන්දු 69 කට මුහුණදුන් මොහොමඞ් මිතුන් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළ අතර සබීර් රහ්මන් පන්දු 65 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය.
ලොකී ෆර්ගියුෂන් කඩුලු 3 ක් ද ජේම්ස් නීෂාම් සහ ටොඞ් ඇස්ට්ල් කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය නවසිලන්තය ඕවර 36.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 88 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 118 ක් රැස්කිරීමට සමත්විය. ගප්ටිල්ගේ 16 වන එක්දින ශතකය ලෙසද එය වාර්තා විය.
පළමු කඩුල්ල ලෙස හෙන්රි නිකොල්ස් ලකුණු 45 දී දැවීයාමත් සමගින් දෙවැනි කඩුල්ල සඳහා එක්වූ මාටින් ගප්ටිල් සහ කේන් විලියම්සන් පන්දු 127 කදී ලකුණු 143 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
ගප්ටිල්ට අනගි සහයක් ලබාදුන් කේන් විලියම්සන් පන්දු 86 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
බංග්ලාදේශය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 226
(සෞම්‍ය සර්කාර් 22, මුෂ්ෆිකූර් රහීම් 24, මොහොමඞ් මිතුන් 57, සබීර් රහ්මන් 43, ලොකී ෆර්ගියුෂන් 43/3, ජේම්ස් නීෂාම් 21/2, ටොඞ් ඇස්ට්ල් 52/2)
නවසීලන්තය - ඕවර 36.1 කදී කඩුලු 2 ක් දැවී 229
(මාටින් ගප්ටිල් 118, කේන් විලියම්සන් නොදැවී 65, රොස් ටේලර් නොදැවී 21, මුස්ටෆිසූර් රහ්මන් 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.