Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගප්ටිල් - ටේලර් නවසීලන්තයට ජය ගෙනෙති

ගප්ටිල් - ටේලර් නවසීලන්තයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නෙල්සන්හි සැක්ස්ටන් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. 

වර්ෂාව නිසා නවසීලන්ත ඉනිම ඕවර 25 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 151 ක ඉලක්කයක් හිමි විය. පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ජය ලැබීය. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 104 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මාටින් ගප්ටිල් (නොදැවී 86) සහ රොස් ටේලර් (නොදැවී 45) නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 71 කදී වාර්තා වූ ගප්ටිල්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 43 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 246 ක් රැස්කළ අතර මොහොමඞ් හෆීස් (60), ෂඩාඞ් ඛාන් (52) සහ හසන් අලී (51) එහිදී අර්ධ ශතක ලබාගත්හ. 

පන්දු 71 කට මුහුණදුන් හෆීස් සිය අර්ධ ශතකය හතරේ පහර 8 කින් අලංකාර කළ අතර පන්දු 68 කදී වාර්තා වූ ශඩාබ් ඛාන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. පාකිස්තාන ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හසන් අලී පන්දු 31 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලොකී ෆර්ගියුසන් ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් අසරණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ට්‍රොඞ් ඇස්ටේල් සහ ටිම් සවුති කඩුලු 2 බැගින් දවාගත්හ. 

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 246 
(මොහොමඞ් හෆීස් 60, ෂොයිබ් මලික් 27, ෂඩාඞ් ඛාන් 52, හසන් අලී 51, ලොකී ෆර්ගියුසන් 39/3, ට්‍රොඞ් ඇස්ටේල් 50/2, ටිම් සවුති 57/2) 

නවසීලන්තය - ඕවර 23.5 කදී කඩුලු 2 ක් දැවී 151 
(මාටින් ගප්ටිල් නොදැවී 86, රොස් ටේලර් නොදැවී 45) 

-036


අදහස් (0)

ගප්ටිල් - ටේලර් නවසීලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.