Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති 5 වැනි තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ඒ සමගින් මෙම තරගාවලියේදී ගාල්ල කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය ලෙසද මෙය සටහන් වන්නේය.
ජයග්‍රහණය කරා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණි.
මහනුවර කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 50 ක් තුළ දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ භානුක රාජපක්ෂ සහ දසුන් ශානක පන්දු 34 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය ලකුණු වේගය රඳවා ගැනීමට සමත්වූහ.
නමුත් සිවුවැනි කඩුල්ල ලෙස ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්නට ලබාදුන් උඩපන්දුව හේතුවෙන් ලකුණු 24 ක් රැස්කරගෙන සිටි දසුන් ශානකට පිටියෙන් ඉවත්වන්නට සිදුවිය.
දසුන් ශානකගේ දැවීයාමත් සමගින් තනි සටනක නිරතවෙමින් වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ භානුක රාජපක්ෂ දැවියන විට පන්දු 33 කදී ලකුණු 63 ක් රැස්කිරීමට සමත්විය. කසුන් මධුසංකගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් භානුක රාජපක්ෂ දැවීයන විට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
පන්දු 16 කදී ලකුණු 33 ක් රැස්කරමින් මාලින්ද පුෂ්පකුමාර සහ ලසිත් මාලිංග එක්ව ජයග්‍රහණය ආසන්නයට මහනුවර කණ්ඩායම රැගෙන ගියද මාලින්දගේ දැවීයාමත් සමගින් ජයග්‍රහණය ඔවුන්ගෙන් දුරස්විය.
අවසන් ඕවරයේදී මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක් ලබාගැනීමට අවශ්‍යවුවද පන්දුවට පහරදෙමින් සිටි ලසිත් මාලිංගට සහ ජනක පෙරේරාට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි.
ගාල්ල කණ්ඩායමේ නායකයා විසින් පන්දු යවන්නන් හයදෙනෙකු යොදාගත් අතර සිවුදෙනෙකු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ. දක්ෂ පන්දු යැවීමක නිරතවූ නිශාන් පිරීස් ඕවර 4 ලකුණු 24 කට සීමාකරමින් මහනුවර කණ්ඩායමේ කඩුඩු 2 ක් දවාගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් රැස්කිරීමට සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ දිමුත් කරුණාරත්න පන්දු 31 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ජනක සම්පත්ගේ පන්දුවක් හමුවේ තීක්‍ෂිල ද සිල්වා අතට උඩපන්දුවක් චෙදමින් දැවීයන විට ලකුණු 80 ක් රැස්කරගෙන සිටියේය. පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සිය ඉනිමට එක්කර ගනිමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දිමුත් කරුණාරත්න සමත්විය.
මුළු ලකුණු සංඛ්‍යාව 14 ක් වනවිට ගාල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියද කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 67 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ඉනිම ගොඩනැගූහ.
වේගවත් පිතිහරඹක නිරතවූ කුසල් මෙන්ඩිස් පන්දු 28 කදී ලකුණු 40 ක් රැස්කිරීමට සමත්විය. කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සිය ඉනිමට එක්කරගත් අතර චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
ධනංජය ද සිල්වා සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 29 කදී ලකුණු 49 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සමත්විය.
අවසන් ඕවර කිහිපයේදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළ අසේල ගුණරත්න හයවැනි කඩුල්ල සඳහා කසුන් මධුසංක සමගින් එක්ව පන්දු 20 කදී ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.
මහනුවර කණ්ඩායමේ නායකයා විසින් පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් හත් දෙනෙකු යොදාගත්තද නිසි ඵල නෙලා ගැනීමට ඔවුන් කිසිවෙකුට අවස්ථාව හිමිනොවූහ. ලසිත් මාලිංග ඕවර 4 ක් යවමින් ලකුණු 35 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට අවස්ථාව හිමිනොවීය.
අද තරගයේදී ගාල්ල කණ්ඩායමට දිමුත් කරුණාරත්න විසිනුත් මහනුවර කණ්ඩායමට දසුන් ශානක විසිනුත් නායකත්වය දෙනු ලැබූහ.
ගාල්ල - මහනුවර වි20 ලීග් තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.