Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගාල්ල ලකුණු 241 ක් ඉදිරියෙන්

ගාල්ල ලකුණු 241 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය දෙවැනි දිනට (22 වැනිදා) අවසන් කරන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණක් රැස්කර සිටියේය.

පිළිතුරු ඉනිම ඇරඹූ මහනුවර කණ්ඩායම ලකුණු 185 කට සීමා කිරීමට නිෂාන් පිරීස් ඇතුළු ගාල්ල පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 39 ක් රැස්කළ නිරෝෂන් දික්වැල්ල මහනුවර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර පසුගිය තරග දෙකටම ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් හිමිනොවීය.

පිට දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ නිෂාන් පිරීස් ලකුණු 67 කට කඩුලු 6 ක් දවාගනිමින් මහනුවර කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට සමත්විය. චතුරංග ද සිල්වා සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනට ඊයේ තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 344 ක් රැස්කර සිටි ගාල්ල කණ්ඩායම අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 425 ක් රැස්කිරීමට සමත්විය.

ඊයේ තරගය නතර කරනවිට ශතකය ලබාසිටි රොෂේන් සිල්වා තවත් ලකුණු 68 ක් අද දිනයේදී සිය ඉනිමට එක්කර ගත්තේය. පන්දු 295 කට මුහුණදුන් රොෂේන් සිල්වාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක්ද චරිත් අසලංක කඩුලු 3 ක් සහ ළහිරු සමරකෝන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 90 කදී සියලුදෙනා දැවී ලකුණු 425
(මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා 168, දසුන් ශානක 90, ප්‍රභාත් ජයසූරිය 116/4, චරිත් අසලංක 31/3, ළහිරු සමරකෝන් 87/2)

මහනුවර කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 185
(මහේල උඩවත්ත 27, නිරෝෂන් දික්වැල්ල 39, චාමික කරුණාරත්න 20, ඉසුරු උදාන 35, නිෂාන් පිරීස් 67/6, චතුරංග ද සිල්වා 29/2, නිසල තාරක 47/2)

ගාල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 01

 


අදහස් (0)

ගාල්ල ලකුණු 241 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.