Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කරමින් කොළඹ පිල සහ ගාල්ල පිල අතර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වීමෙන් කොළඹ සහ ගාල්ල යන කණ්ඩායම් අපරාජිතව අවසන් මහ තරගයට පැමිණියේය.
දෙපිල අතර අවසන් මහ තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 11 වැනිදා පැවැත්වේ.
කොළඹ පිල ලකුණු 259 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිමින් සිටියදී අටවැනි ඕවරයේදී වර්ෂාව ඇඳහැලීමෙන් තරගය අතහැර දැමීමට සිදුවිය. කොළඹ පිල ඒ වන විට ඕවර 7.1 කදී කිසිවකු නොදැවී ලකුණු 55 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ගාල්ල ඉනිමේ අවසන් ඕවර කීපයේදී ළහිරු මධුසංඛ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී රැස්කළ ලකුණු 42 ක නිසා ලකුණු 258 ක් දක්වා ඒමට මඟ විවෘත විය.
ළහිරු මධුසංඛ පන්දු 33 ක ඉනිමකට හතරේ සහ හයේ පහර දෙක බැගින් ඇතුළත් විය.
වනිඳු හසරංග පන්දු 60 කින් ලකුණු 56 ක් රැස්කරමින් ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. විනිඳුගේ ඉනිමට හතරේ පහර හයක් ඇතුළත් විය.
ගාල්ල පිලේ තාවකාලික නායක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටියදී මෙම තරගාවලියට පැමිණි ගාල්ල පිලේ නායක ලසිත් මාලිංග මෙම තරගයේ විවේක ගෙන තිබුණි.
ලකුණු පුවරුව
ගාල්ල කණ්ඩායම
සඳුන් වීරක්කොඩි - ඇ. අවිෂ්ක ප. අසිත 17
ළහිරු තිරිමාන්න - ක. මූ. කළා ප. ෂෙහාන් 6
ධනංජය ද සිල්වා - ඇ. ලක්මාල් ප. අකිල 34
කුසල් මෙන්ඩිස් - ඇ. අවිෂ්ක ප. චාමික 11
මිලින්ද සිරිවර්ධන - ඇ. සහ ප. අකිල 8
මිනෝද් භානුක - ඇ. චන්දිමාල් ප. අකිල 37
වනිඳු හසරංග - ක. මූ. කළා ප. අකිල 56
ළහිරු මධුසංඛ - නොදැවී 42
ධම්මික ප්‍රසාද් - ක. මූ. කළා ප. අකිල 6
දුෂ්මන්ත චමීර - ඇ. ඇන්ජලෝ ප. චාමික 23
නිෂාන් පීරිස් - නොදැවී 0
අතිරේක 18
එකතුව ඕවර 50 යේදී කඩුලු 9 ක් දැවී 258
කඩුලු වැටීම:
1-25(තිරිමාන්න), 2-25(සඳුන්), 3-46(කුසල්), 4-77(මිලින්ද), 5-103(ධනංජය), 6-170(මිනෝද්), 7-197(වනිඳු), 8-206(ප්‍රසාද්), 9-241(චමීර)
පන්දු යැවීම:
අසිත ප්‍රනාන්දු: 10-0-56-1, මොහොමඞ් ශිරාෂ්: 6-0-30-0, ෂෙහාන් ජයසූරිය: 4-0-18-1, චාමික කරුණාරත්න: 9-0-48-2, අකිල ධනංජය: 10-0-53-5, සීකුගේ ප්‍රසන්න: 10-0-39-0, කමිඳු මෙන්ඩිස්: 1-0-8-0
කොළඹ කණ්ඩායම
අවිෂ්ක ප්‍රනාන්දු - නොදැවී 27
උපුල් තරංග - නොදැවී 15
අත්රේක 13
එකතුව ඕවර 7.1 කදී කිසිවකු නොදැවී 55
පන්දුවට පහර නොදුන් පිතකිරුවෝ:
දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ෂෙහාන් ජයසූරිය, සීකුගේ ප්‍රසන්න, මොහොමඞ් ශිරාෂ්
පන්දු යැවීම:
දුෂ්මන්ත චමීර: 4-0-27-0, ධම්මික ප්‍රසාද්: 3.1-0-27-0
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.