Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගාල්ල - කොළඹ තරගය ජය පැරදුමෙන් තොරයි

ගාල්ල - කොළඹ තරගය ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අද (2 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි අතර ආරම්භක පිතිකරු ළහිරු මිලන්ත හතරේ පහර 7 ක් සමග ලකුණු 74 ක්ද, පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගත් රොෂේන් සිල්වා ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තේ විවේකයට මඳ වේලාවකට පෙර තරගය නතර කිරීමට සිදුවූ අතර ඉන් පසුව නැවත තරගය ආරම්භ කිරීමට තරම් සුදුසු තත්ත්වයක් නොතිබූ බැවින් එතැනින් තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවරගත්හ. ඒ අනුව තරගයේ අවසන් දිනය වූ අද කොළඹ කණ්ඩායමට යැවිය හැකි වූයේ ඕවර 55 ක් පමණි.

තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණක් ලබා සිටි ගාල්ල කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 176 ක් එක්කර ගත්තේය. එහිදී ගාල්ල ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 22 ක් ඇතුළත බිඳදැමීමට විෂ්ව ප්‍රනාන්දු සමත් විය. විෂ්වගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මාදව වර්ධණපුර ලකුණු 8 කටද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 3 කටද පිටියෙන් ඉවත්ව ගියහ.

කෙසේ වුවත් ළහිරු මිලන්ත සහ සදීර සමරවික්‍රම (77) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක සම්බන්ධතාවක් ගාල්ල දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් සදීර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 139 කට මුහුණදුන් සදීර හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය.


ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 476
(මාධව වර්ණපුර 18, රොෂේන් සිල්වා නොදැවී 231, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, නිසල තාරක 20, අකිල ධනංජය 24, මාලින්ද පුෂ්පකුමාර 19, දිල්රුවන් පෙරේරා 106/3, කවිෂ්ක අංජුල 52/2, ලසිත් ඇඹුල්දෙණිය 147/2)

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 333
(ධනංජය ද සිල්වා 66, ළහිරු තිරිමාන්න නොදැවී 125, දිනේෂ් චන්දිමාල් 18, කවිෂ්ක අංජුල 46, ලසිත් ඇඹුල්දෙණිය 24, අකිල ධනංජය 61/3, චතුරංග ද සිල්වා 22/2, මොහොමඞ් ඩිල්ෂාන් 49/2)

ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 177
(ළහිරු මිලන්ත 74, සදීර සමරවික්‍රම 77, විෂ්ව ප්‍රනාන්දු 24/2)

 


අදහස් (0)

ගාල්ල - කොළඹ තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.