Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා-රාත්‍රී තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) වැස්සන් බාධා එල්ලවීම නිසා යැවිය හැකිය වූයේ පන්දු 19 ක් පමණි.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු මාධව වර්ණපුර් ලකුණු 19 ක්ද, උපුල් තරංග ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය වූ ඊයේ (8 වැනිදා) පස්වරුවේදී ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු මිලන්ත (9) සහ රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි මාලින්ද පුෂ්පකුමාර (12) පිටියෙන් ඉවත් කිරීමට දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ ළහිරු ගමගේ සහ විමුක්ති පෙරේරා සමත් වූයේ සචිත්‍ර සේනානායකගේ සහායද ඇතිවය. ඊයේ තරගය නතර කරන විට විට කඩුලු 2 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටි ගාල්ල කණ්ඩායම අද දිනයේදී ක්‍රියාත්මක කෙරුණ ඕවර 3.1 තුළදී ලකුණු 12 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබා ගත්තේය. එහිදී දඹුල්ල කණ්ඩායමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ කුසල් මෙන්ඩිස් හතරේ පහර 12 ක් සමග ලකුණු 89 ක් රැස්කළේය.
දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටියදී නිසල තාරකගේ පන්දුවක් හමුවේ මාලින්ද පුෂ්පකුමාර අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑම නිසා කුසල්ට ශතකයක් කරා යෑමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.
ළහිරු මධුෂංක ලකුණු 26 ක්ද, රංගන හේරත් ලකුණ් 25 ක්ද, අෂාන් ප්‍රියංජන් සහ මිලින්ද සඳරුවන් ලකුණු 24 බැගින්ද රැස්කරමින් දඹුල්ල ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා කුසල්ට අනගි සහායක් දුන්හ.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ චතුරංග ද සිල්වා ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත් අතර නිසල තාරක සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 244
(කුසල් මෙන්ඩිස් 89, ළහිරු මධුෂංක 26, රංගන හේරත් 25, අෂාන් ප්‍රියංජන් 24, මිලින්ද සඳරුවන් 24, මනෝජ් සරත්චන්ද්‍ර 19, චතුරංග ද සිල්වා 31/3, මාලින්ද පුෂ්පකුමාර 30/2, නිසල තාරක 54/2)
ගාල්ල පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 50
(මාධව වර්ණපුර නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.