Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගාල්ල - දඹුල්ල තරගය විසඳුමකින් තොරයි

ගාල්ල - දඹුල්ල තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය විසඳුමකින් තොරව අද (11 වැනිදා) අවසන්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 315 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම සදහා කඩුලු 2 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 66 ක් පමණි.

තෙවැනි දිනය (10 වැනිදා) වූ ඊයේ තරගය අවසන් කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඉනිම අත්හිටුවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 325 ක් රැස්කර සිටියේය.

දෙවැනි කඩුල්ල සදහා ලකුණු 141 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සචිත්‍ර සේරසිංහ සහ අෂාන් ප්‍රියංජන් දඹුල්ල කණ්ඩායමේ ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

පන්දු 208 කට මුහුණදුන් සචිත්‍ර සේරසිංහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 112 ක් රැස්කළ අතර ලකුණු 5 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් අෂාන් ප්‍රියංජන්ට ශතකය අහිමිව ගියේය. පන්දු 169 කට මුහුණදුන් ප්‍රියංජන් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 95 ක් රැස්කළේය.

ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගත් නිසල තාරක ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


දඹුල්ල පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලු දෙනා දැවී 244
(කුසල් මෙන්ඩිස් 89, ළහිරු මධුෂංක 26, රංගන හේරත් 25, අෂාන් ප්‍රියංජන් 24, මිලින්ද සඳරුවන් 24, මනෝජ් සරත්චන්ද්‍ර 19, චතුරංග ද සිල්වා 31/3, මාලින්ද පුෂ්පකුමාර 30/2, නිසල තාරක 54/2)

ගාල්ල පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 255
(මාධව වර්ණපුර 21, උපුල් තරංග 25, රොෂේන් සිල්වාගේ 44, දසුන් ශානකගේ 32, චතුරංග ද සිල්වා 54, නිසල තාරක 19, ළහිරු ගමගේ 78/5, රංගන හේරත් 42/2)

දඹුල්ල දෙවැනි ඉනිම - ඕවර 89 කදී කඩුලු 7 ක් දැවී 325
(කුසල් මෙන්ඩිස් 26, අෂාන් ප්‍රියංජන් 95, සචිත්‍ර සේරසිංහ 112, මිලින්ද සිරිවර්ධන 37, නිසල තාරක 65/5)

ගාල්ල දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලු 2 ක් දැවී 66
(මාධව වර්ණපුර නොදැවී 21, ළහිරු මිලන්ත 25, ළහිරු මදුශංක 13/2)

 


අදහස් (0)

ගාල්ල - දඹුල්ල තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.