Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිස් ගේල්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පරාජිතයන් පිටුදැකීමේ තරගයෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති මෙම තරගයේදී ලැබූ පරාජය හේතුවෙන් මහේල ජයවර්ධන පුහුකාරීත්වය දරණ කුල්නා ටයිටන්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය රාංපූර් රයිඩර්ස් කණ්ඩායමට ඕවර 15.2 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර නස්මුල් හුසේන් යැවූ 16 වැනි ඕවරයේ පළමු පන්දු දෙකටම හයේ පහර දෙකකින් සංග්‍රහ කළ ක්‍රිස් ගේල්, රාංපූර් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ක්‍රිස් ගේල්, ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 51 කදී නොදැවී ලකුණු 126 ක් රැස්කළ අතර රාංපූර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය ගමනේදී පිටිය පුරා එල්ල කළ දැවැන්ත හයේ පහර 14 කින් සහ හතරේ පහර 6 කින් ඔහු සිය ශතකය අලංකාර කළේය.
රාංපූර් ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 25 ක් තුළ බිඳවැටුණද, මොහොමඞ් මිතුන් (නොදැවී 30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 146 ක නොබිඳුණ වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් රාංපූර් කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කිරීමට ගේල් සමත් විය. පන්දු 36 කදී වාර්තා වූ මිතුන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අරිෆුල් හක් පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළේය. නායක මහමදුල්ලා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, නිකලස් පූරන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, කාර්ලෝස් බ්‍රැත්වේට් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් කුල්නා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
රාංපූර් රයිඩර්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ලසිත් මාලිංග ඕවර 4 ක් යවමින් ලකුණු 49 කට කුල්නා කණ්ඩායමේ තීර්ණාත්මක කඩුලු 2 ක් දවාගත්තේය.
කුල්නා ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 167
(නස්මුල් හක් 15, මයිකල් ක්ලිංගර් 21, මහමදුල්ලා 20, අරිෆුල් හක් 29, නිකලස් පූරන් 28, කාර්ලෝස් බ්‍රැත්වේට් නොදැවී 25, ලසිත් මාලිංග 49/2)
රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 15.2 කදී කඩුලු 2 ක් දැවී 171
(ක්‍රිස් ගේල් නොදැවී 126, මොහොමඞ් මිතුන් නොදැවී 30, ජොෆ්රා ආචර් 30/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.