Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් වාර්තා පෙත අලුත් කළ ක්‍රිස් ගේල්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙඑහිව ලකුණු 57 ක ජයක් වාර්තා කරමින් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල්, පන්දු 69 කදී නොදැවී ලකුණු 146 ක් රැස්කළ අතර එය මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඔහු ලබාගත් දෙවැනි ශතකයද විය. පන්දු 57 කදී ශතකය සම්පූර්ණ කළ ගේල්ට ඉතිරි ලකුණු 46 රැස්කිරීම සඳහා වැය වී තිබුණේ තවත් පන්දු 12 ක් පමණක් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
ඩකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පන්න පන්නා පහරදුන් ගේල්, මෙම තරගයේදී පිටිය පුරා හයේ පහර 18 ක් සහ හතරේ පහර 5 ක් ගැසූ අතර එය විස්සයි20 තරගයකදී ක්‍රීඩකයකු ගැසූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා අතරටද එක්විය. එහි මින් පෙර පැවැති වාර්තාවේද හිමිකරුවා ගේල් වූ අතර 2013 වසරේ පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයකදී සිය ඉනිමට හයේ පහර 17 ක් ඇතුළත් කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබිණ.
මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 5 ක් වන විට පළමු කඩුල්ල බිඳවැටුණද, බ්‍රෙන්ඩන් මැකලම් (නොදැවී 51) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 201 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ගේල්, රාංපූර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව පසුකර ගෙන ගියේය. පන්දු 43 කදී වාර්තා වූ මැකලම්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹා ගිය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නස්මුල් ඉස්ලාම්, ඉසුරු උදාන සහ සොහාග් ගාසි කඩුලු 2 බැගින් දවාගනිමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
ඩකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජහුරුල් ඉස්ලාම් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. එහෙත් සෙසු පිතිකරුවන් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අසමත් වීම ඩකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.
රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුල්ලක් දැවී 206
(ක්‍රිස් ගේල් නොදැවී 146, බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 51)
ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 149
(ජෝන් ඩෙන්ලී 15, සකීබ් අල් හසන් 26, ජහුරුල් ඉස්ලාම් 50, සුනිල් නරේන් 14, නස්මුල් ඉස්ලාම් 8/2, ඉසුරු උදාන 25/2 සොහාග් ගාසි 32/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.