Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගේල් විශ්වාසය ගෙනෙයි

ගේල් විශ්වාසය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සමගින් වන්ගරිහිදි හෙට (20 වැනිදා) ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා පිතිහරඹ ලැයිස්තුව ශක්තිමත් කිරීමට සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් එක්වීමත් සමගින් කොදෙව් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවී ඇත. ටෙස්ට් තරග දෙකක පරාජයෙන් පසුව ආරම්භවන එක්දින තරගාවලියේදී ක්‍රිස් ගේල් කණ්ඩායමට එක්වීම නිසා කොදෙව් පිලේ මුල්පෙළ පිතිකරු ලයිස්තුවට වැඩි බලයක් එක්වී ඇත.


බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයේදී වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකළ ක්‍රිස් ගේල් පන්දු 69 කදී හයේ පහර 18 ක් සමගින් නොදැවී ලකුණු 146 ක් රැස්කිරීමට සමත්විය. ගේල් නවසීලන්තයට යන්නේ එම ආත්ම විශ්වාසයත් සමගිනි.


වසර දෙක හමාරකට පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී එංගලන්තය සමගින් පැවැති එක්දින තරගාවලියට එක්වූ ක්‍රිස් ගේල් තරග හතරකදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 173 ක් රැස්කිරීමට සමත්ව තිබේ.


ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මාලන් සැමුවෙල්ද, අතේ අස්ථී බිඳීයාම හේතුවෙන් සුනිල් ඇම්බි්‍රස් සහ පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් අල්සාරී ජෝසප් කණ්ඩායමෙන් ඉවත්වීම බටහිර ඉන්දිය කොදෙපි පිලට බලවත් පාඩුවක් වනු ඇත.


ප්‍රසාද ලකුණු 77 ක් හිමිකර ගෙන සිටින බටහිර ඉන්දිය කොදෙව් පිල එක්දින ශ්‍රේණිගත කිරීම්හි නවවැනි ස්ථානයේ පසුවන්නේය.


නවසීලන්ත කණ්ඩායම

කේන් විලියම්සන් (නායක), ටොඞ් ඇස්ට්ල්, ටේ‍රන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, ලොකී ෆර්ගිෂන්, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඇඩම් මිල්නේ, කොලින් මුන්රෝ, හෙන්රි නිකෝල්, ටිම් සෝතී, රොස් ටේලර්, ජෝජ් වෝකර්, නීල් බෲම්, මිචෙල් සැන්ටර්.


බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ජේසන් හෝල්ඩර් (නායක), ජේසන් මොහොමඞ්, ශිම්රන් හෙට්මියර්, රෝන්ස්ෆෝඞ් බීටන්, ශැනන් ගේබි්‍රයල්, ක්‍රිස් ගේල්, කයිල් හෝප්, ශායි හෝප්, ශෙල්ඩන් කොටේ්‍රල්, එවින් ලෙවිස්, නිකිටා මිලර්, ඈෂ්ලි නර්ස්, රෝමන් පවෙල්, චැඩිවික් වෝල්ටන්, කෙස්රික් විලියම්ස්.


අදහස් (0)

ගේල් විශ්වාසය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.