Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ක්‍රිස් ගේල් අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයකදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2015 වසරේ මාර්තු මාසයේදී වන අතර මාලන් සැමුවෙල් අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදීය.
යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නම් අනිවාර්යෙන්ම දේශීය මට්ටමේ තරග වලටද සහභාගි විය යුතු යැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මින් පෙර පවසා තිබුණද, එම ප්‍රතිපත්තිය කඩ කරමින් මෙවර ඔවුන් සිය ජාතික කණ්ඩායමට ගේල් සහ සැමුවෙල් කැඳවා තිබේ.
“අපි ක්‍රිස් ගේල්ව සහ මාලන් සැමුවෙල්ස්ව කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් දෙදෙනා නැවතත් කණ්ඩායමට එක්වීම නිසා අපේ පිතිකරු ලැයිස්තුව තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම තමා තරුණ ක්‍රීඩකයන්ට ඔවුන් සමග ක්‍රීඩා කිරීමෙන් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට හැකි වෙනවා.” යැයි ගේල්ගේ සහ සැමුවෙල්ස්ගේ එක්වීම සම්බන්ධයෙන් කොදෙව් තේරීම් කමිටු සභාපති කර්ටින් බ්‍රවුන් මහතා පැවසීය.
කොදෙව් පිලේ පිට දඟ පන්දුයවන ක්‍රීඩක සුනිල් නරේන්, ඉදිරි පෙළ පිතිකරු ඩැරන් බ්‍රාවෝ සහ තුන් ඉරියව් ක්‍රීඩක ඞ්වේන් බ්‍රාවෝ මෙවර කණ්ඩායමට ඇතුළත් නොවන අතර ඊට හේතු වී ඇත්තේ අබාධ තත්ත්වයන්ට ලක්වීමෙන් අනතුරුව තවමත් ඔවුන් ක්‍රීඩා කිරීමට තරම් සුදුසු තත්ත්වයකට පැමිණ නොසිටීමයි.
ජූනි සහ ජූලි මාස වලදී ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගි වූ තුන් ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස්ට මෙහිදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇති අතර වේග පන්දුයවන ක්‍රීඩක ජෙරම් ටේලර් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.
කොදව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 5 කින් සමන්විත වන අතර සැප්තැම්බර් මස 19 වැනිදා මැන්චෙන්සර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වේ.
කොදෙව් එක්දින සංචිතය -
ජේසන් හෝල්ඩර් (නායක), සුනිල් ඇම්බි්‍රස්, දේවේන්ද්‍ර බිෂෝ, මිගුවෙල් කමින්ස්, ක්‍රිස් ගේල්, කයිල් හෝප්, ශායි හෝප්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, ජේසන් මොහොමඞ්, ඇෂ්ලි නර්ස්, රෝමන් පවෙල්, මාලන් සැමුවෙල්ස්, ජෙරම් ටේලර් සහ කෙස්රික් විලියම්ස්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.