Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් චන්දිමාල් ලබාගත් ශතකය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ පළමු දිනය (30 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටියේය.
දිනයේ අවසන් ඕවරයේ පළමු පන්දුවේදී ඩිල්රුවන් පෙරේරා දැවී යෑමත් සමග තරගය පළමු දිනය සඳහා නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.
වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ජොමෙල් වැරිකන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඩිල්රුවන් ලබා සිටියේ ලකුණු 17 ක් පමණි. තරගය නතර කරන විට අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් තරගයේ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක නොවීය.
කෙසේ වුවත් සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ කුසල් පෙරේරා (65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් (108) ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර මට්ටමකට රැගෙන ආවේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග සිය ශතකය සම්පූර්ණ කළේ 50.00 ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි.
රකීම් කෝන්වෝල්ගේ පන්දුවක් හමුවේ කිරන් පවෙල් අතට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරා දැවීයාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව නිමාවට පත්විය. කුසල් රැස්කළ ලකුණු 65 න් 46 ක්ම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් රැස්කළ ලකුණු විය.
කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් (41) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් විය. රේමන් රීෆර්ගේ පන්දුවක් හමුවේ ශෙමර් බෲක්ස් අතට උඩපන්දුවක් දෙමින් චන්දිමාල් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.
අර්ධ ශතකයට ලකුණු 9 ක් පසුපසින් සිටියදී රකීම් කෝන්වෝල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ට පිටියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ වන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත වී තිබිණ. හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක් ලබා සිටි රොෂේන් සිල්වා දැවී ගියේ ජොමෙල් වැරිකන්ගේ පන්දුවක් හමුවේ රකීම් කෝන්වෝල් අතට උඩපන්දුවක් දෙමිනි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් - ප.කමින්ස් 0
කුසල් පෙරේරා - ඇ.පවෙල් ප.කොන්වෙල් 65
දිනේෂ් චන්දිමාල් - ඇ.බ්‍රෝක්ස් ප.රීෆර් 108
ඇන්ජලෝ මැතිව්ස් - ක.මුූ.කළා ප.කොන්වෝල් 41
රොෂේන් සිල්වා - ඇ.කොන්වෝල් ප.වැරිකන් 28
නිරෝෂන් දික්වැල්ල - නොදැවී 26
ඩිල්රුවන් පෙරේරා - ක.මූ.කළා ප.වැරිකන් 17
අතිරේක 33
එකතුව ඕවර 89.1 කදී කඩුලු 6 ක් දැවී 318
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
ළහිරු ගමගේ, අකිල ධනංජය, කසුන් රාජිත සහ ළහිරු කුමාර
කඩුලු වැටීම:
1-0(මෙන්ඩිස්), 2-130(කුසල් පෙරේරා), 3-244(චන්දිමාල්), 4-263(මැතිව්ස්), 5-288(රොෂේන්), 6-318(ඩිල්රුවන්)
පන්දු යැවීම:
මිගෙල් කමින්ස් : 15-5-47-1, රේමන් රීෆර් : 13-1-51-1, කියොන් ජෝශප් : 12-1-49-0, ජොමෙල් වැරිකන් : 23.1-1-5-67-2, රකීම් කොන්වෝල් : 26-6-88-2
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.