Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවනු ඇතැයි එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා ‘කෙළිමඬල’ට පැවසීය.
ඉකුත් 30 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ තරගයේ කඩුලු රකිමින් සිටියදී චන්දිමාල්ගේ අඟිල්ලක අස්ථියක සියුම් පිපිරීමක් සිදුවීම ඊට හේතුව ලෙස ගුණවර්ධන මහතා සඳහන් කළේය.
දඹුල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (2 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක උපුල් තරංගට හිමිවන බවද ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියේය.
වෛද්‍ය වාර්තාවලට අනුව එම අස්ථි පිපිරීම හේතුවෙන් චන්දිමාල්ට දින 10 ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් ආබාධ තත්වයෙන් සුවය ලබා එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නැවතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වනු ඇතැයිද දැනගන්නට ලැබේ.
ආබාධයට ලක්වීමෙන් අනතුරුව චන්දිමාල්, කඩුලු රැකීමේ කාර්යය අතිරේක ක්‍රීඩක විශ්ව චතුරංගට බාර කරමින් පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන් පසුව ඔහු පන්දු රැකීම හෝ පන්දුවට පහරදීම සඳහා නැවතත් පිටියට පිවිසියේද නැත. එදින රාත්‍රීයේදීම ඔහු එක්ස් කිරණ පරීක්‍ෂණයක් සඳහා මහනුවර බලා පිටත්ව ගිය බවද වාර්තා විය.
චන්දිමාල් පිටියෙන් ඉවත්වීමත් සමග එම තරගයේදී කොළඹ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත් උපුල් තරංග, දඹුල්ල ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වන අයුරුද දැකගත හැකි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.