Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතුරුව ටෙස්ට් පිතිකරුවන්ගේ 10 වැනි ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට පැමිණ සිටී. ඉන්දියාවට එරෙහිව පැවැති පැවැති ටෙස්ට් තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 743 ක් හිමිකරගත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව එයයි.
අළු බඳුන තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 947 ක් හිමිකර ගෙන පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා වෙයි.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගයට පෙර පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ සිටි විරාට් කෝලීට ලකුණු අතරට පැමිණිමට නොහැකිවීම හේතුවෙන් එක් ස්ථානයක් පහතට වැටී ඇත. අවසන් ටෙස්ට් තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් ජෝ රූට් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පත්විය.
ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් දෙවැනි ස්ථානයට ඇද දමමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත්ව සිටී. ප්‍රසාද ලකුණු 888 ක් හිමිකර ගෙන ඇති රබාඩා ටෙස්ට් තරග දිවියේ හිමිකරගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මෙයයි. කගිසෝ රබාඩා සහ දෙවැනි ස්ථානයේ සිටින ජේම්ස් ඇන්ඩර්සන් අතර ඇත්තේ ලකුණක පරතරයක් පමණි.
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් තරයේදී ජයග්‍රහණය කරා දකුණු අප්‍රිකාව රැගෙන යාමේ නියමුවා වූ වර්නන් ෆිලැන්ඩර් ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථානය හයක් ඉදිරියට පැමිණෙමින් හයවැනි ස්ථානය හිමිකර ගැනීමත් සමගින් හයවැනි ස්ථානයේ සිටි රංගන හේරත් එක් ස්ථානයක් පහත වැටුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.