Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චමරි මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට

චමරි මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට

Nisanka Sandeepani - 2017 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකාරිනිය වන චමරී අතපත්තු මීළඟ ඕස්ටේ්‍රලියානු බිග් බෑෂ් කාන්තා විස්සයි20 තරගාවලියේදී මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට ගිවිසුම් අත්සන් කර තිබේ. 

විස්සයි20 බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙස වාර්තාපොතට එක්වන චමරි මීට පෙර පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ පැවැති ‘කියා’ සුපර් ලීග් විස්සයි20 තරගාවලියේදී යෝක්ෂයර් ඩයමන්ඞ් පිලට ක්‍රීඩා කළාය. ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් එවැනි විරල අවස්ථාවක් ලැබූ පළමු අවස්ථාව එය විය. 

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයත්, වසරේ දක්ෂතම විස්සයි20 පිතිකාරිනිය හා වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය සම්මාන දෙකත් දිනාගනු ලැබුවේ චමරි අතපත්තු විසිනි. 

මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිලට ක්‍රීඩා කිරීමේ වසරක ගිවිසුම් කොන්ත්‍රාත්තුවක බාරගත් චමරි මෙවර තරගාවලියේ දී රෙනෙගේඞ්ස් පිල බඳවා ගත් විදේශීය ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් කෙනෙකි. ඇයට අමතරව පසුගිය වසරේදී මෙල්බර්න් ස්ටාර්ස් පිලට ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩිකා එමා ඉන්ගිල්ස් සහ සිඞ්නි තන්ඩර් පිලට පසුගිය වසරේදී ක්‍රීඩා කළ ක්ලෙයාර් කොස්කි මෙවර මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිලට ක්‍රීඩා කරති. 

චමරි අතපත්තුට මේ දුර්ලභ අවස්ථාව හිමිවූයේ ඇය විසින් පසුගිය ජූනි මාසයේ එංගලන්තයේ පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 178 ක් රැස් කිරීම හේතුවෙනි. ඒ අවස්ථාවේ ඕස්ට්‍රේලියානු පිලේ සහය පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් එම විශිෂ්ට පිතිහරඹයේ සජීවි සාක්ෂිකරුවකු වූ ටිම් කොයිල් මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුය. 
මේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය තම කණ්ඩායමට තෝරාගැනීමට ටිම්ට ඒ පිතිහරඹය හොඳටෝම ප්‍රමාණවත් විය.

“චමරි එදා පෙන්නුවේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ විශේෂ කුසලතාවක්. ඒක තමයි විස්සයි20 ක්‍රීඩාවට අවශ්‍ය පිතිහරඹ රටාව.” යයි ටොම් කියයි.
නවසීලන්ත ක්‍රීඩිකා ඇමී සැටර්වේත්ගේ නායකත්වයෙන් යුතු මෙල්බර්න් රෙනෙගේඞ්ස් පිලේ මෙවර තරගාවලියේ වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩිකාවද අතපත්තුය. 

වසර 1990 පෙබරවාරි 9 දා ගොකරැල්ලේදී උපන් අතපත්තු මුදියන්සෙලාගේ චමරි ජයංගනී වමතින් පිත්ත හසුරුවන අතර දකුණතින් මඳවේග පන්දු යවන්නීය. ඇය වසර 2009දී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් ඉන්දියාවට එරෙහිව සිය මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කළාය. ඊළඟ වසරේදී කොදෙව් පිලට එරෙහිව එක්දින තරග වරම් ලැබුවාය. 

ඇය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 69 කට ක්‍රීඩා කරමින් ලකුණු 2053 ක් රැස් කිරිමට සමත්වී සිටින අතර ඊට ශතක 3 ක් සහ අර්ධ ශතක 12 ක් ඇතුළත්ය. මෙතෙක් ඇය විසින් ක්‍රීඩා කරනු ලැබූ විස්සයි-20 තරග 61 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1032 කි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික පිටියේ ශතක ලැබූ එකම පිතිකාරිනියත්, එක්දින ලකුණු 2000 කඩයිම පසුකළ පළමු හා එකම පිතිකාරිනිය ලෙසත්, අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ ලකුණු 1000 පසුකළ පළමු හා එකම පිතිකාරිනිය ලෙසත් චමරි අතපත්තු වාර්තාපොතට එක්වී සිටින්නීය. 
බිග්බෑෂ් විස්සයි20 කාන්තා තරගාවලිය ලබන දෙසැම්බර් මස 9 වැනිදා සිට 2018 පෙබරවාරි මස 4 දින දක්වා පැවැත්වෙන අතර ඇය දෙසැම්බර් මස 3 වැනිදා ඕස්ට්‍රේ
ලියාව බලා පිටත්ව යාමට නියමිතය. 

- 077


අදහස් (0)

චමරි මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.