Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 30 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර පූනේදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 13 ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ විජේ ශංකර් පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කළද දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු අපොහොසත් විය.
රිෂාබ් පාන්ට් (79) සමග එක්ව දිල්ලි කණ්ඩායමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශංකර් සමත් වු අතර පන්දු 45 කට මුහුණදුන් පාන්ට් හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කළේය. කොලින් මුන්රෝ පන්දු 16 කදී ලකුණු 26 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක්ද සමගිනි.
කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ නායක නායක ශ්‍රෙයාස් අයියර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 211 ක් රැස්කළේය.
චෙන්නායි ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 22 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළේය. අම්බටි රයිඩු (41) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දෝනි, චෙන්නායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා ඔසවා තැබීය. පන්දු 25 කට මුහුණදුන් රයිඩු හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.
ෂේන් වොට්සන් (78) සහ ෆෆ් ඩුප්ලෙසි (33) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 40 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 33 කදී වාර්තා වූ ඩුප්ලෙසිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 211
(ෂේන් වොට්සන් 78, ෆෆ් ඩුප්ලෙසි 33, අම්බටි රයිඩු 41, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 51)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 198
(කොලින් මුන්රෝ 26, රිෂාබ් පාන්ට් 79, විජේ ශංකර් නොදැවී 54, කේ.එම්. අසීෆ් 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.