Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 32 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 8 කට සහභාගි වී ඇති චෙන්නායි කණ්ඩායම ඉන් තරග 7 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටියි.
දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් තරග 5 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින නමුත් දල ලකුණු වේගය අනුව දිල්ලි කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, මුම්බායි කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටත්, පන්ජාබ් කණ්ඩායම එහි සිවුවැනි ස්ථානයටත් පත්ව තිබේ.
කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් පිළිවෙලින් තරග 4 ක් සහ 3 ක් බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 8 ක් සහ 6 ක් බැගින් ලබා සිටිති. ඒ අනුව කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේද, හයිද්‍රාබාද් කණ්ඩායම එහි හයවැනි ස්ථානයේද රැදී සිටිති.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 7 කදී ශතකයක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 400 කි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 100 වෝනර්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 80.00 ක් ලෙස සටහන් වේ.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගිසෝ රබාඩා සමත් වී ඇති අතර තරග 8 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 17 කි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගැනීම රබාඩාගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.