Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රටවල් 6 ක් නියෝජනය කරන කණ්ඩායම් 10 ක සහභාගීවයෙන් සති 3 ක් පුරා ඉන්දියවේදී පැවැති ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ 7 වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල සමත්විය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිලට එරෙහිව බැංගලෝර්හිදී අද (4 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
මෙය ඔවුන් ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියක ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව වන අතර මින් පෙර 2010 වසරේ පැවති තරගාවලියේ ශූරතාව දිනාගැනීමටද ඔවුන් සමත් වී තිබේ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 2 ක් පමණක් දැවී පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය සුරේෂ් රයිනා තරගයේ වීරයා බවට පත්විය. පන්දු 62 කදී වාර්තා වූ ඔහුවේ වේගවත් ශතකයට (නොදැවී 109) දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
චෙන්නායි පිලේ 2 වැනි කඩුල්ල වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් (39) සමග එක්ව පන්දු 76 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැඟූ රයිනා, ඉන් නොනැවතී නායක මහේන්ද්‍ර සිං දොනි සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන්ද පන්දු 32 කදී ලකුණු 58 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ගෞතම් ගම්භීර්, පන්දු 52 කට මුහුණදෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය.
රොබින් උත්තාපා (39) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමටද ගම්භීර් සමත්විය.
ඔවුන් දෙනොගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි මනීෂ් පාණ්ඬේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළේ පන්දු 19 කිනි.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ යූසෆ් පතන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කළ අතර ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 9 ක් පමණි.
කොල්කටා ඉනිමේ බිඳ වැටුණ කඩුලූ 6 න් 5 කටම හිමිකම් කීමට චෙන්නායි පිලේ සිටින ලාබාලතම දඟ පන්දු යවන්නා (අවුරුදු 21) වන පවන් නේගි සමත්විය. ඔහු ඒ වෙනුවෙන් ප‍්‍රතිවාදීන්ට දී තිබුණේ ලකුණු 22 ක් පමණි.
කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර්කිංග්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට ආරාධනා කර සිටියේය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 180
(ගෞතම් ගම්භීර් 80, රොබින් උත්තාපා 39, මනීෂ් පාණ්ඬේ 32, යූසෆ් පතන් නොදැවී 20, පවන් නේගි 22/5)
චෙන්නායි සුපර්කිංස් පිල - ඕවර 18.3 කදී කඩුලූ 2 ක් දැවී 185
(බ්‍රෙන්ඩන් මැකලම් 39, සුරේෂ් රයිනා නොදැවී 109, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 23)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.