Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පූනේහිදී අද (20 වැනිදා) පැවැති තරගය ලකුණු 64 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
ජයග්‍රණය සදහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඕවර 18.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140 ක් පමණි.
හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 37 කදී ලකුණු 45 ක් රැස්කළ බෙන් ස්ටෝක්ස් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
සෙසු පිත්කරුවන් හට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබානොදුන් චෙන්නායි සුපර් කිංග්ස් පන්දු යවන්නෝ ජයග්‍රහණය සියතට ගැනීමට සමත්වූහ.
කාන් ශර්මා, ඞ්වයින් බ්‍රාවෝ, ශර්දූල් ඨාකූර් සහ දීපක් චහර් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශේන් වොට්සන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 204 ක් රැස්කිරීමට සමත්විය.
මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ වාර්තාවූ දෙවැනි ශතකයට හිමිකම් කීමට ශේන් වොට්සන් සමත්විය. පන්දු 51 කදී ශතකය වාර්තා කළ ශේන් වොට්සන් දැවීයන විට ලකුණු 106 ක් ලබාසිටි අතර පන්දු 57 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
අම්බති රයිදු සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 27 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ වොට්සන් දෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමගින් පන්දු 44 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
දෙවැනි කඩුල්ල ලෙස දැවීගිය සුරේෂ් රයිනා පන්දු 29 කට මුහුණදෙමින් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 46 ක් ලබාගත්තේය.
සෙසු පන්දු යවන්නන්ට පහර පිට පහර වදින විට සිය පන්දු යැවීම සාර්ථකව නිමා කළ ශ්‍රීයාස් ගෝපාල් ඕවර 4 තුළදී ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේය. බෙන් ලාෆ්ලින් ලකුණු 38 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
කණ්ඩායම් දෙකේම වෙනස්කම් දෙක බැගින් සිදුකරමින් මැතිව් ශෝට් සහ ධාවල් කුල්කර්නී කණ්ඩායමෙන් ඉවත්කර හෙන්රිච් ක්ලාසන් සහ ස්ටුවර්ට් බිනී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කැඳවූ අතර මුරලි විජේ සහ හර්බජං සිං කණ්ඩායමෙන් ඉවත්කර සුරේෂ් රයිනා සම කාන් ශර්මා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක්කර ගත්හ.
කාසියේ වාසිය ලැබූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායක අජින්ක්‍යා රහනේ පළමුව පන්දුවට පහරදීම සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 204
(ශේන් වොට්සන් 106, සුරේෂ් රයිනා 46, ඞ්වයින් බ්‍රාවෝ නොදැවී 24, ශ්‍රීයාස් ගෝපාල් 20/3, බෙන් ලාෆ්ලින් 38/2)
රාජස්තාන් රෝයල්ස් - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(බෙන් ස්ටෝක්ස් 45, ජොස් බට්ලර් 22, කාන් ශර්මා 13/2, ඞ්වයින් බ්‍රාවෝ 16/2, ශර්දූල් ඨාකූර් 18/2, දීපක් චහර් 30/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.