Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වසර 14ක ක්‍රිකට් ක්‍රීඩාංගණයක සිහිනය සැබෑකරමින් මීට දෙවසරකට පෙර හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කරන ලදී. රුපියල් මිලියන 60 ක මුදලක් වැයකරමින් ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම ක්‍රීඩාංගණය එහි කොන්ත්‍රාත්කරුවන් විසින් සුදු අලියෙකු බවට පත් කර ඇති බව පොලොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ ක්‍රීඩාංගනයේ අධීක්ෂණ කමිටු සාමාජික ලලිත් නන්දන මහතා කියයි.
“වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 14ක කාලයක් පොලොන්නරු ක්‍රිකට් සංගමයේ
සභාපතිවරයා ලෙස කටයුතු කළා. එතුමාට තිබුණ ලොකුම සිහිනය වුණේ පොලොන්නරුවේ සහ හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමයි..... එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති වූ තිලංග සුමතිපාල මහතා, 1998 දී පොරොන්දු වූ පරිදි වසර 19කට පසු හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් භූමියෙන් අක්කර 45 ක භූමි ප්‍රමාණයක මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා 2017 අගෝස්තු 25 දින මුල් ගල තිබ්බා”
පොලොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ ඉදිවන නව ක්‍රීඩාංගනයේ අධීක්ෂණ කමිටු සාමාජික ලලිත් නන්දන මහතා |
“මෙහි ඉදිකිරීම් කටයුතු අදියර තුනකින් ක්‍රියාත්මක කරමින් 2018 මැයි මස 24 දින වන විට අවසන් කිරීමටයි නියමිතව තිබුණේ. නමුත් මේ කාලය වන විට ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අවසන් කරන්න බැරි වුණා.” යයිද ලලිත් නන්දන මහතා පැවසීය.
හිඟුරක්ගොඩ සංවර්ධන කමිටු රැස්වීමක් පැවැති අවස්ථාවකදී මෙම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රශ්න කළේය.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිසි ලෙස ඉටු නොවේ නම් ඒ සඳහා ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහනට වෙන් කළ රුපියල් කෝටි 2000 ක මුදලින් කොටසක් නිදහස් කළ හැකි බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. එහෙත් එම අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයෙකු පවසා ඇත්තේ අවශ්‍ය තරම් මුදල් තිබෙන බවකි.
“ඒ වෙලාවේ ජනාධිපතිතුමා අහලා තියෙනවා මුදලුත් තියෙනවා නම් ඇයි මේක ඉක්මනට හදන්නේ නැත්තේ කියලා” යයිද ලලිත් නන්දන මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සහ එහි ඉදිකිරීම් කටයුතුවල බාරව සිටි කොන්ත්‍රාත්කරුවන් පවසා ඇත්තේ පසුගිය වසරේ (2018) නොවැම්බර් 13 වැනිදා වන විට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් කර දෙන බවකි. එහෙත් එතැන් නියමිත දිනය පසුවී, මාස 05 ක් ගත වී ඇතත් මේ දක්වා ක්‍රීඩාංගනයේ වැඩ සියයට 20 ක් වත් නිමවී නැත. එහෙත් වැයවී ඇති මුදල අති විශාලය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ඉදිකිරීම් කටයුතුවල නිරත කොන්ත්‍රාත්කරුවන් මෙන්ම ජනාධිපතිවරයාවත් රවටා ඒ සඳහා වෙන් කළ මුදලුත් ගසකන බව තතු දන්නෝ කියති. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව පොලොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා මෙන්ම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අධීක්ෂණ කමිටු සාමාජික ලලිත් නන්දන මහතා වැඩිදුරටත් පවසා සිටී.
“මේ ක්‍රීඩාංගනයේ කටයුතු කිසිදු ප්‍රමිතියකින් සිදුවෙන්නේ නෑ. ඒකට ස්ථිර කොන්ත්‍රාත්කරුවෙකුත් නෑ”
“ග්‍රවුන්ඞ් එකට ගෙනාපු පස් කියුබ් 100 ක් පිටට විකුණලා. වතුර ටැංකියක් හදනවා,. මලකඩ කාපු වසර ගණනක් පරණ ඒවා දාලා තමයි ඒක හදලා තියෙන්නේ.... ඒවා ඉදිකරන්නේ ඉංජිනේරුවෝ නැති වේලාවට තමයි”
“ග්‍රවුන්ඞ් එකට දාලා තියෙන පස් ප්‍රමිතියෙන් තොර පස්. මේවා කියන්න කෙනෙක් නෑ වාගේම කිව්වාට වැඩක් නෑ. අඩුම ගානේ මේකේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු මේ දක්වා මේක බලන්නවත් ඇවිත් නෑ.... ”
|
“කොහොම නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රධාන අරමුණක්ව තිබුණා පොලොන්නරුවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් පිට්ටනියක් හදලා දෙන්න. නමුත් දැන් පොළොන්නරුවේ සියලුම දෙනා රැවටීමට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඉදිකිරීම් කරන කොන්ත්‍රාත්කරුවෝ විශාල බොරුවක් කරමින් විශාල මුදල් ප්‍රමාණයක් විනාශ කරමින් කරමින් සිටිනවා...යයි එහි ප්‍රතිපලයක් ලෙස තමයි මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණයේදී පොලොන්නරුවේ ඡන්ද වෙනස්වීමකට පවා ලක්වුණේ යැයි පොලොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ දිස්ත්‍රික් විධායකයකු මෙන්ම ඉදිවන ක්‍රීඩාංගනයේ අධීක්ෂණ කමිටු සාමාජිකයකුද වන චින්තක පුෂ්පකුමාර මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ කමල් ධර්මසිරි මහතාගෙන් විමසීමක් කරන ලදි.
“අපේ (ශ්‍රී ලංකා ක්‍රිකට්) ආයතනයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් කොත්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවූවා. ඒ අනුව කොන්ත්‍රාත්කරුවන් 20 දෙනෙකුගෙන් පමණ ඉල්ලුම්පත් ලැබුණා. ඒවයින් අපේ ආයතනයේ අය කොන්ත්‍රාත්කරුවන් 04 දෙනෙකු තෝරාගත්තා. ඒ හතර දෙනා ලංකාව පුරා අපේ ආයතනය විසින් ඉදිකිරීම් කරන ප්‍රදේශවලට ඇරියා. ඒ අනුව තමයි පොලොන්නරුවේ හිඟුරක්ගොඩ ඉදිකරන ක්‍රිකට් ක්‍රීඩාංගණයටත් කොන්ත්‍රාත්කරුවෙකු යැව්වේ”
“මේකේ අධීක්ෂණය සහ නිරීක්ෂණය රජයේ සී සී බී ආයතනය සහ එහි ඉංජිනේරුවන් විසින් සිදුකරන්නේ. අපට තියෙන්නේ ඒ අයගේ අධීක්ෂණයෙන් පසුව අප වෙත එවන බිල් ගෙවීම් පමණයි. මේ වන විට කොන්ත්‍රාත්කරුවා සඳහා අපි රුපියල් මිලියන 24ක් ගෙවීම් කර තියෙනවා” යයි ද කමල් ධර්මසිරි මහතා පැවසීය.
සී සී බී ආයතනයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමේ දී ඔහු මෙසේ පවසා සිටියේය.
“මේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් එක්ක අපට කිසිදු සම්බන්ධතාවයක් නෑ. අපිට කරන්න තියෙන්නේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා එන්නේ නැති නිසා ඉදිකිරීම් කරන අවස්ථාවලදී වැඩබලන එක පමණයි. අපි සේවය කරන්නේත් ප්‍රධාන කොන්ත්‍රාත්කරු යටතේ. අපටත් මේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු මුදල් ගෙවීමට තියෙනවා. මේ කොන්ත්‍රාත්කරුවා අපේ ආයතනයේ නම කියමින් හොරවැඩ කරනවා” යැයිද එම නිලධාරියා පැවසීය.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටින කොන්ත්‍රාත්කරුවාගේ නියෝජිතයකු හමුවී විමසීමක් කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලට වේලාවට මුදල් නොගෙවන බවයි.
“පසුගිය කාලේ නියමිත මුදල් නොදීම නිසා මෙහි සේවය කළ කම්කරුවන්ට වගේම වාහන සඳහා ගෙවීමටත් මුදල් නැති නිසා පස් ටිකත් පිටට විකුණලා මුදල් අරන් ඒ අයගේ පඩි ගෙව්වේ” යයිද එම නියෝජිතයා පැවසීය.
රටේ ජනාධිපතිගේ ගම් ප්‍රදේශයේත් මෙසේ වංචා සිදුවන්නේ නම් රටේ වෙනත් ප්‍රදේශවල සිදුවන දේ ගැන කවර කතා දැයි ප්‍රදේශයේ ක්‍රීඩකයෝ කියති.
ක්‍රීඩාංගණය නිරීක්ෂණය කරමින්...
පරණ කම්බි තොගයක් ගොඩගසා ඇති අයුරු... |
ඉදිවන ක්‍රීඩාංගනයේ සිතියම |
ක්‍රීඩාංගනය ඉදිකිරිමට පෙර හිටපු ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අයුරු. |
ඡායාරූප - හිඟුරක්ගොඩ ඩබ්ලිව්. ඒ. පියතිලක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.