Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගනිමින් තරගාවලිය සම කිරීමට තිබූ අවස්ථාවක් එංගලන්තය නායක ජෝ රූට් අතින් ගිළිහී ගියේය. තරගය නිමා වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් ඉෂ් සෝධි, ස්ටුවට් බ්‍රොඞ්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් එම උඩපන්දුව රැකගත්තා නම් එංගලන්ත පන්දු යවන්නන්ට තරගයේ අවසන් භාගයේදී දවාගැනීමට තිබුණේ තවත් කඩුලු 2 ක් පමණි.
එංගලන්ත නායකයාට අතහැරණු එම උඩපන්දුවේ වාසියත් සමග දෙවැනි ටෙස්ට් තරගය පරාජයෙන් තොරව අවසන් කරගත් නවසීලන්තය, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 382 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 256 ක් ලබා සිටියේය.
සිවුවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 42 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 214 ක් එක්කර ගත්හ. තේ පානය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 191 කට කඩුලු 6 ක් ලෙස සටහන් විය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සඳහා නවසීලන්ත පිතිකරුවන්ට තේ විවේකයෙන් අනතුරුව ඕවර 35 කදී කඩුලු 4 ක් ආරක්ෂා කරගැනීමට සිදුවූහ.
එහිදී හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩගැනීමට කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (45) සහ ඉෂ් සෝධි (නොදැවී 56) සමත් වුවද, මාර්ක් වුඞ්ගේ පන්දුවක් හමුවේ ජැක් ලීච් අතට උඩපන්දුවක් දෙමින් ග්‍රෑන්ඞ්හෝම් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.
ග්‍රෑන්ඞ්හෝම් දැවීයෑමෙන් අනතරුව තරගය නිමාවීමට තවත් ඕවර 23 ක් පමණ ඉතිරිව තිබූ අතර එහිදී කඩුලු ආරක්ෂා කරගනිමින් ඉතා ඉවසිලිවන්ත ලෙස පන්දුවට පහරදුන් ඉෂ් සෝධි සහ නීල් වැග්නර් (7) නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවාගත්හ. පන්දු 168 කදී වාර්තා වූ සෝධිගේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.
ජෝ රූට් යැවූ නවසීලන්ත ඉනිමේ අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී ජේම්ස් වින්ස් අතට උඩපන්දුවක් දෙමින් නීල් වැග්නර් දැවීයෑමත් සමග තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. මාර්ක් වුඞ්, ජැක් ලීච් සහ ස්ටුවට් බ්‍රෝඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත් කළද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 307
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 278
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 352
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 256
(ටොම් ලේතම් 83, ජීත් රාවල් 17, බී.ජේ. වොට්ලින් 19, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 45, ඉෂ් සෝධි නොදැවී 56, මාර්ක් වුඞ් 45/2, ජැක් ලීච් 61/2, ස්ටුවට් බ්‍රෝඞ් 72/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.