Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.
එම ජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අනූජා පටිල් |
ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 15.4 ක් අවසානයේ පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. ලකුණු 41 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 96 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජෙමීමා රොඩ්‍රිගුවස් (නොදැවී 52) සහ අනූජා පටිල් (නොදැවී 54) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එළව එළවා පහරදුන් ජෙමීමා සහ අනූජා තවත් තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දීය කණ්ඩායමට 3-0 ක තරගාවලි ජයක් අත්කර දුන්හ. පන්දු 37 කට මුහුණදුන් ජෙමීමා සිය වේගවත් අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළ අතර පන්දු 42 කදී වාර්තා වූ අනූජාගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නිය බවට පත්වූ ඕෂදී රණසිංහ ඉන්දීය ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 ටම හිමිකම් කීමට සමත් වූවාය. උදේශිකා ප්‍රබොදිනී සමග එක්ව මිතලි රාජ් පිටියෙන් ඉවත් කළ ඕෂදී, ස්මිත්‍ර මන්ධනාගේ කඩුල්ල බිඳ දැමීමෙන් අනතුරුව ටානියා බාතියා දවාගත්තේ නායිකා චමරි අතපත්තුගේ සහායද ඇතිවය.
වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 17 කට සීමා කෙරුණ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහිදී කඩුලු 5 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. ශෂිකලා සිරිවර්ධන පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක්ද, චමරි අතපත්තු පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අනූජා පටිල් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කරමිනි. ඒ සඳහා ඇයට අනගි සහායක් දුන් දීප්ති ශර්මා සහ රාධා රෙඞ්ඩි එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව - ඕවර 17 කදී කඩුලු 5 ක් දැවී 134
(යශෝධා මෙන්ඩිස් 19, චමරි අතපත්තු 31, ශෂිකලා සිරිවර්ධන 40, නිලක්ෂි ද සිල්වා 15, අනූජා පටිල් 36/3)
ඉන්දියාව - ඕවර 15.4 කදී කඩුලු 3 ක් දැවී 137
(ජෙමිමා රොද්‍රිගුවස් නොදැවී 52, අනූජා පටිල් නොදැවී 54, ඕෂදී රණසිංහ 33/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.