Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන තරගාවලියේ පළමු තරග දෙකම පරාජය වූ නමුත් මිචෙල් ජොන්සන්ගේ පන්දු යැවීමට තම කී‍්‍රඩකයන් බය නැතැයි එංගලන්ත පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් කියයි. එලෙසම ලබන සිකුරාදා (13 වැනිදා) පර්ත්හිදී ආරම්භ වන තුන්වැනි අළුබඳුන ටෙස්ට් තරගයට පර්ත් කී‍්‍රඩාංගණයේ තමන් සතු දුර්වල වාර්තාව බලපෑමක් නොවන බවද එංගලන්ත පුහුණුකරුවා කියයි.
මේ වන විටත් අළු බඳුන තරගාවලියේදී 2 - 0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට තරගාවලිය ජයගැනීමට අවශ්‍ය වන්නේ තවත් එක ජයක් පමණි. තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේද ඕස්ටේ‍්‍රලියාවේ තිබෙන වේගවත් මෙන්ම වැඩිම ඉපිලීමකින් යුත් පර්ත් කී‍්‍රඩාංගණයේ වීම නිසා තරගයේ වැඩි වාසි ඕස්ටේ‍්‍රලියානු පිලට අත්වේ යයි අපේක්‍ෂා කෙරේ.
වමතින් වේග පන්දු යවන මිචෙල් ජොන්සන් මෙතෙක් පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලූ 17 ක් ලබාගනිමින් එංගලන්ත පිල විනාශ කිරීමට සමත් ව සිටී. පැයට කිලෝමීටර 150 ඉක්මවන වේගයකින් පන්දු යවන ජොන්සන්ට පර්ත් කී‍්‍රඩාංගණය ඉතාමත් වාසිදායක විය හැකි බව විචාරක මතයයි.
ජොන්සන්ගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් දැඩි අසීරුතාවනට පත්වූ නමුත් ඇන්ඩි ෆ්ලවර් පවසන්නේ තම පිතිකරුවන් ජොන්සන්ට බිය නැති බවයි.
”අපේ පිතිකරුවන් ජොන්සන්ට බියයි කියා මා කියන්නේ නෑ. ඒත් වේග පන්දු යවන්නන්ට මුහුණ දීම සම්න්ධයෙන් එක දෙයක් කියන්න ඕනෑ”
”වේග පන්දු යවන්නන් හමුවේ දිගු මෙන්ම අධිෂ්ඨානශීලී පිතිහරඹයකට අපේ පිතිකරුවන් ලෑස්ති වෙන්න ඕනෑ. පසුපෙළ පිතිකරුවන් පිටියට ගෙන්නුවොත් මේ වගේ වේගයක් හමුවේ ගනුදෙනුව බේරාගන්න ඔවුන්ට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා වගකීම තියෙන්නේ ඉදිරි පෙළ පිතිකරුවන්ට” යයිද ඇන්ඩි ෆ්ලවර් පැවසීය.
මිචෙල් ජොන්සන් පවසන්නේ පර්ත් පිටියේදී එංගලන්ත පිතිකරුවන්ට බවුන්සර් පන්දු යැවීම සම්බන්ධයෙන් තමන් මහත් උනන්දුවෙන් සිටින බවයි.
”පැයට කිලෝ මීටර 155 ක් හෝ 160 කින් පන්දු යවන්න මා එතරම් උනන්දු වෙන්නේ නෑ”
”මා හොඳ රිද්මයකින් පන්දු යවනවා නම් පන්දුව ඒ ආකාරයට ඒවි. එහි අවශ්‍ය වේගයත් තියේවි” යයිද ජොන්සන් පැවසීය.
පර්ත් පිටියේදී අවසන් වරට සහභාගි වූ අළු බඳුන ටෙස්ට් තරග 12 කින් එංගලන්තය එකම ජය ලබාඇත්තේ 1978 දීය. කෙසේ වෙතත් සිකුරාදා ආරම්භ වන තරගය ජයගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වුවහොත් එයින් මෙවර අළු බඳුන තරගාවලියේ ජය ඕස්ටේ‍්‍රලියාව සතුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.