Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජොන්සන් පන්දු යැවීමෙන් සමුගනී

ජොන්සන් පන්දු යැවීමෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් සියලුම ක්‍රිකට් ආකෘති වලින් සමුගැනීමට අද (19 වැනිදා) තීරණය කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසර 3 කට ආසන්න කාලයක් ගතවී ඇති අතර තමන්ගේ ශරීරය පෙරදා තරම් සාර්ථකව ප්‍රතිචාර නොදක්වන බවට මිචෙල් ජොන්සන් ඉඟි පළ කළේය.


36 වැනි වියෙහි පසුවන ජොන්සන් පසුගිය මාසයේදී බිග් බෑෂ් විස්සයි20 තරගාවලියෙන් ඉවත්වුවද අයි.පී.එල් හෝ වෙනත් විස්සයි20 තරගාවලියන්ගෙන් සමුගෙන සිටියේ නැත.

“ඒක ඉවරයි. මගේ අවසන් පන්දුව යැව්වා. අවසන් කඩුල්ල ලබාගත්තා. අද මම සියළුම ක්‍රිකට් ආකෘති වලින් සමුගන්නා බව නිවේදනය කරනවා” යැයි මිචෙල් ජොන්සන් පර්ත් නව් නිවුස් වෙබ් අඩවියකට ප්‍රකාශකර ඇත.

“ලෝකයේ තිබෙන විවිධ ආකාරයේ විස්සයි20 තරගාවලි සඳහා ලබන වසරේ මැද වන තෙක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් මගේ ශරීරය ක්‍රියාවිරහිත වෙන්න පටන්ගෙන”

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න මම දැන් සූදානම්. ඒ වගේම මගේ ජීවිතයේ අනිත් කාලපරිච්ඡේදයට මාරුවෙන්න කාලය ඇවිල්ලා” යැයි ජොන්සන් වැඩිදුරටත් පැවසීය.

“100% මට ක්‍රීඩාකරන්න බැරිනම් මට කණ්ඩායමට ඉස්තරම්මදේ දෙන්න බැරිවෙනවා. මම හැමවෙලාවෙම හිතන්නේ කණ්ඩායම ගැන”

ටෙස්ට් තරග 73 කදී කඩුලු 313 ක් ද, එක්දින තරග 153 කදී කඩුලු 239 ක් ද දවාගෙන ඇති මිචෙල් ජොන්සන් විස්සයි20 තරග 30 කදී කඩුලු 38 ක් ද දවාගෙන ඇත.

මේ අතර තහවුරු නොකළ වාර්තාවලින් දැක්වෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 තරග  වලදී මිචෙල් ජොන්සන් ක්‍රිකට් විස්තර විචාරයකු වශයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවයි.

 


අදහස් (0)

ජොන්සන් පන්දු යැවීමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.