Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි 20 ලෝක කුසලාන දෙකක්ම දිනා ඇති නමුත් විස්සයි-20 අන්තර්ජාතික තරග ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට කොදෙව්වන් හිර කර දැමීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ශාන්ත කිට්ස්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී එංගලන්තය ලබාගත් ලකුණු 137 ක දැවැන්ත ජයත් සමගින්, තරගයක් ඉතිරිව තිබියදීම, වි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට එංගලන්තයට හැකිවිය.
වෝනර් උද්‍යානයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක් හඹා ගිය කොදෙව් පිල ලකුණු 45 කට දැවී ගියේය. එය විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි. විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමේ ලෝක වාර්තාව තමත් රැකගෙන සිටින්නේ 2014 දී නෙදර්ලන්ත පිල ලකුණු 39 කට දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායමයි.
සිකුරාදා පැවැති මෙම තරගයේදී ක්‍රිස් ජෝර්ඞ්න් (06/4) විසින් කොදෙව් පිලේ මුල් පෙළ පිතිහරඹය එහෙම පිටින්ම විනාශකර දමන ලදි. ජෝර්ඞ්න් කඩුලු 4 ක් දවාගත්තේ ඕවර 2 කින් වුවත් ඉතිරි ඕවර යැවීමට එංගලන්ත නායක ඔයින් මෝගන් විසින් අදිල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට් කැඳවනු ලැබීම හේතුවෙන් කඩුලු 5 ක් දවාගැනීමට තිබූ අවස්ථාව ජෝර්ඞ්න්ගෙන් ගිළීහී ගියේය.
ඬේවිඞ් විලී, අදිල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට් තිදෙනා ලකුණු 38 ක් පමණක් දෙමින් කඩුලු 6 ක් බෙදා ගත්තේ කොදෙව් ඉනිම ඕවර 11.5 කට සීමා කරමිනි.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර ලකුණු 32 ක් ඇතුළතදී එංගලන්ත පිලේ සිව්වැනි කඩුල්ලත් බිම වැටිණ. එහෙත් ජෝ රූට් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සෑම් බිලින්ග් ඉනිමේ අවසන් පන්දුවේදී දැවී යන විට ලකුණු 182 ක් එංගලන්ත පිල සතු විය. අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී දැවී ගියද එහි පළමු පන්දු 5 න් ලකුණු 22 ක් උදුරා ගැනීමට සෑම් බිලින්ග්ස් සමත්ව සිටියේය.
හතරේ පහර 7 ක් සහිතව පන්දු 40 කදී ලකුණු 55 ක් ලබාගත් එංගලන්ත ටෙස්ට් නායකයාට වඩා ඉදිරියට ගිය බිලින්ග්ස්ගේ ලකුණු 87 ඇදී ආවේ පන්දු 47 කිනි. හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් ඊට ඇතුළත් විය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ට 182 යි
(ජොනී බෙයාර්ස්ටෝ 12, ජෝ රූට් 55, සෑම් බිලින්ග්ස් 87, ඬේවිඞ් විලී 13, ෆේබියන් ඇලන් 29/2)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 11.5 කදී 45 යි
(ශිම්රන් හෙට්මියර් 10, ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 10, ඬේවිඞ් විලී 18/2, ක්‍රිස් ජෝර්ඞ්න් 06/4, අදිල් රෂීඞ් 12/2, ලයාම් ප්ලන්කට් 08/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.