Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටමීම් ඉක්බාල්ගේ දක්ෂ පිතිහරඹයත්, මෂ්රෆී මොටාසාගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගයානාහිදී ඊයේ (22 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 48 ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 231 ක් පමණි. තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි අල්සාරි ජෝෂප් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, දේවේන්ද්‍ර බිෂූ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 78 කදී ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. ක්‍රිස් ගේල් පන්දු 60 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 40 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.
දක්ෂ පන්දු යැවීම නිරත වූ මෂ්රෆී මොටාසා ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන්මග අවහිර කර දැමුවේය. බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා මොටාසාට අනගි සහයක් දුන් මුස්තෆිසුර් රෙහෙමන් ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 279 ක් ලබාගත් අතර ආරම්භ පිතිකරු ටමීම් ඉක්බාල් (නොදැවී 130) එහිදී ශතකයක් ලබා ගත්තේය. සකීබ් අල් හසන් (97) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 258 කදී ලකුණු 207 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටමීම් සමත් විය.
පන්දු 160 කට මුහුණදුන් ටමීම් හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සිය ශතකය සැරසූ අතර සකීබ්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ගත විය. ඉනිමේ අවසන් කොටසේදී වේගවත් පිතිහරඹයක නිරත වූ මුෂ්ෆිකුර් රහීම් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
බංග්ලාදේශ පිල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 279
(ටමීම් ඉක්බාල් නොදැවී 130, සකීබ් අල් හසන් 97, මුෂ්ෆිකුර් රහීම් 30, දේවේන්ද්‍ර බිෂූ 52/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 231
(ක්‍රිස් ගේල් 40, එවින් ලුවිස් 17, ශිම්රන් හැට්මෙයර් 52, ජේසන් හෝල්ඩර් 17, දේවේන්ද්‍ර බිෂූ නොදැවී 29, අල්සාරි ජෝෂප් නොදැවී 29, මෂ්රෆී මොටාසා 37/4, මුස්තෆිසුර් රෙහෙමාන් 35/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.