Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ටමීම් - සකීබ් බංග්ලාදේශයට ජය ගෙනෙති

ටමීම් - සකීබ් බංග්ලාදේශයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද  (15 වැනිදා) පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 28.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියෝය. ටමීම් ඉක්බාල් (නොදැවී 84) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 17) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 63 ක නොබිඳණු සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 93 කට මුහුණදුන් ටමීම් ඉක්බාල් සිය 24 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සැරසිය. සකීබ් අල් හසන් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉක්බාල් සමත් වූ අතර පන්දු 46 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

බංග්ලාදේශ පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සකීබ් අල් හසන්, ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේම් ක්‍රීමර්ගේ කඩුල්ලද සමගිනි. සිම්බාබ්වේ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සකීබ්ට අනගි සහායක් දුන් රුබෙල් හුසේන් සහ මුස්ටෆිසුර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගත්හ.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සිකන්දර් රාසා පන්දු 99 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 52 ක් රැස්කළේය. පීටර් මුවර් (33) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රාසා සමත් විය. අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව රාසා දුවද්දි දවාගැනීමට සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.


සිම්බාබ්වේ පිල - ඕවර 49 කදී සියලු දෙනා දැවී 170
(හැමිල්ටන් මසකඞ්සා 15, බ්‍රෙන්ඩන් ටේලර් 24, සිකන්දර් රාසා 52, පීටර් මුවර් 33, සකීබ් අල් හසන් 43/3, රුබෙල් හුසේන් 24/2, මුස්තෆිසුර් රෙහෙමාන් 29/2)

බංග්ලාදේශ පිල - ඕවර 28.3 කදී කඩුලු 2 ක් දැවී 171
(ටමීම් ඉක්බාල් නොදැවී 84, එනමුල් හක් 19, සකීබ් අල් හසන් 37, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 14, සිකන්දර් රාසා 53/2)

 

- 036 

 


අදහස් (0)

ටමීම් - සකීබ් බංග්ලාදේශයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.