Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විජය පුවත්පත් සමාගමේ සුබ සාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘ඩී. ආර්. විජයවර්ධන’ අභියෝග කුසලාන, අන්තර් දෙපාර්තමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඬේලි මිරර් පිල සමත් විය. හෝකන්දර මුද්‍රණ දෙපාර්තමේන්තු ‘බී’ කණ්ඩායම අනු ශූරතාව හිමිකරගත්තේය.
පැටවුම් අංශ ‘බී’ කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමිවිය.
මෙම තරගාවලිය කණ්ඩායම් 32 ක සහභාගිත්වයෙන් පසුගිය සති අන්තයේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එම තරගාවලියට සමගාමීව පැවැති කාන්තා ක්‍රිකට් තරගයේදී ජයනි කෞෂල්‍යා නායිකාව ලෙස කටයුතු කළ ප්‍රධාන කාර්යාලයීය කාන්තා කණ්ඩායම විසින් දැන්වීම් අංශ කාන්තා කණ්ඩායම පරාජය කරන ලදී.
අවසන් මහා තරගයේදී ඬේලි මිරර් ක්‍රීඩකයෝ ලකුණු 95 කින් හෝකන්දර මුද්‍රණ දෙපාර්තමේන්තු ‘බී’ කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ.
ඬේලි මිරර් පිල පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 167 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හෝකන්දර පිලට ඕවර 10 තුළදී රැස්කළ හැකි වූයේ ලකුණු 72 ක් පමණි.
ඬේලි මිරර් පිලේ තිළිණ වීරවංස තරගාවලියේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු ලෙස ද, නායක දර්ශන සංජීව දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සුරේෂ් ප්‍රනාන්දු අවසන් මහා තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබූහ.
මෙම තරගාවලියට ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සම්පත් බැංකුව, එන්.ඩී.බී. බැංකුව, සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, කොකා කෝලා සමාගම, වෝටර් මාර්ට් සිස්ටම් සමාගම සහ නෙස්ලේ ලංකා සමාගම අනුග්‍රහය දැක්වීය.
ඬේලි මිරර් කණ්ඩායම - ඕවර 10 යේදී කඩුලු 3 ට 167
(තිළිණ වීරවංස 56, සුරේෂ් ප්‍රනාන්දු 46, දර්ශන සංජීව 29, ෂෙහාන් චාමික 26)
හෝකන්දර ‘බී’ කණ්ඩායම ඕවර 10 යේදී සියලු දෙනා දැවී 72
(ආර්.පී.ජී. වසන්ත 24, ගයාන් චරිත් 14, දර්ශන සංජීව 8/2, තිළිණ වීරවංස 21/3)
ශූරතාව දිනූ ඬේලි මිරර් කණ්ඩායම |
අනු ශූරතාව හිමිකරගත් හෝකන්දර ‘බී’ කණ්ඩායම |
විජය පුවත්පත් සමගාමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතා විසින් ඬේලි මිරර් පිලේ නායක දර්ශන සංජීවට ඩී. ආර්. විජයවර්ධන අභියෝග කුසලාන ප්‍රදානය කරන ලද අවස්ථාව |
විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී ලක්මාල් ගමගේ මහතා විසින් අවසන් තරගයේ වීරයා සම්මානය දිනාගත් ඬේලි මිරර් කණ්ඩායමේ සුරේෂ් ප්‍රනාන්දුට සම්මානය ප්‍රදානය කරන ලද අවස්ථාව |
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.