Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිල්ෂාන් - කිත්රුවන් ජයග‍්‍රහණය කරා අධිවේගී ගමනක

ඩිල්ෂාන් - කිත්රුවන් ජයග‍්‍රහණය කරා අධිවේගී ගමනක

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A


තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 73) සහ කිත්රුවන් විතානගේ (නොදැවී 52) එක්ව වේගවත් පිතිහරඹයක යෙදෙමින් සසෙක්ස් ප‍්‍රාන්ත පිලට එරෙහිව හෝවිහි සසෙක්ස් ප‍්‍රාන්ත ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති පුහුණු විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.

ආරම්භක පිතිකරුවන් වූ තිලකරත්න ඩිල්ෂාන් සහ කිත්රුවන් විතානගේ ලකුණු 127 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 9.1 කදී සම්පූර්ණ කළහ. ඩිල්ෂාන් පන්දු 31 කදී හතරේ පහර 16 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් ද, කිත්රුවන් විතානගේ පන්දු 24 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ද, රැස් කළහ.

සසෙක්ස් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් මැතිව් මැචන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 63 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ලසිත් මාලිංග (20/2) සහ තිසර පෙරේරා (13/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග මෙම තරගයේදී කණ්ඩායමට එක්වෙමින් ශී‍්‍ර ලංක පිල මෙහෙයවීය. සසෙක්ස් පිලේ නායක මයිකල් යාඞ්ලි කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙම සංචාරයේ එකම විස්සයි20 තරගය හෙට (20) ලන්ඩන්  ඕවල්හිදී පැවැත්වේ.


ලකුණු පුවරුව
සසෙක්ස් ප‍්‍රාන්ත පිල

ලූක් වෙල්ස් - ඇ. තිලකරත්න ඩිල්ෂාන් ප. ලසිත් මාලිංග    11
මැට් මැචන් - ඇ. සුරංග ලක්මාල් ප. තිසර පෙරේරා     63
මයිකල් යාඞ්ලි - ඇ. සුරංග ලක්මාල් ප. අජන්ත මෙන්ඩිස්     11
හැමිල්ටන් බ‍්‍රව‍්‍රන් - ඇ. දිනේෂ් චන්දිමාල් ප. තිසර පෙරේරා     1
බෙන් බ‍්‍රව‍්‍රන් - ඇ. සචිත‍්‍ර සේනානායක ප. ලසිත් මාලිංග    14
අෂාර් ශායිඩි - නොදැවී     14
ස්ටෙෆන් පිඔලිට් - ප. සුරංග ලක්මාල්     7
විල් බීර් - දුවද්දී දැවී ගියා     1
හැරී ෆින්ච් - නොදැවී     0    
අතිරේක     4
එකතුව ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී     126

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ජෝන් ලූවිස්, ක‍්‍රිස් ලිඞ්ලි

කඩුලූ වැටීම:
1-26(ලූක් වෙල්ස්), 2-65(මයිකල් යාඞ්ලි), 3-67(හැමිල්ටන් බ‍්‍රව‍්‍රන්), 4-102(බෙන් බ‍්‍රව‍්‍රන්), 5-103(මැට් මැචන්), 6-119(ස්ටෙෆන් පිඔලිට්), 7-125(විල් බීර්)

පන්දු යැවීම:
තිලකරත්න ඩිල්ෂාන්: 1-0-6-0, සුරංග ලක්මාල්: 4-0-32-1, සචිත‍්‍ර සේනානායක: 3-0-28-0, ලසිත් මාලිංග: 4-0-20-2, අජන්ත මෙන්ඩිස්: 4-0-24-1, තිසර පෙරේරා: 4-0-13-2


ශ්‍රී ලංකා පිල

කිත්රුවන් විතානගේ - නොදැවී     52
තිලකරත්න ඩිල්ෂාන් - නොදැවී     73
අතිරේක    3
එකතුව  ඕවර 9.1 කදී කිසිවකු නොදැවී     128

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, සීකුගේ ප‍්‍රසන්න, තිසර පෙරේරා, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

පන්දු යැවීම:
අෂාර් ශායිඩි: 1-0-12-0, ක‍්‍රිස් ලිඞ්ලි: 3-0-31-0, ජෝන් ලූවිස්: 2-0-27-0, ස්ටෙෆන් පිඔලිට්: 1-0-22-0, හැමිල්ටන් බ‍්‍රව‍්‍රන්: 1-0-16-0, විල් බීර්: 1-0-15-0, ලූක් වෙල්ස්: 0.1-0-4-0

 

- 048


අදහස් (7)

ඩිල්ෂාන් - කිත්රුවන් ජයග‍්‍රහණය කරා අධිවේගී ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.