Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත පිලට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග තුන සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා සහ මැද පෙළ පිතිකරු තිළිණ කණ්ඩම්බි කැදවා සිටිති.
ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා තව දුරටත් සංචිතයේ තබා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. දකුණතින් පා දඟ පන්දු යවන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක ජීවන් මෙන්ඩිස් ද නැවතත් සංචිතයට ඇතුළත්ව සිටියි.
තිළිණ කණ්ඩම්බි 2011 වසරේ ජූලි මාසයෙන් පසුව එක්දින තරගයකට ක‍්‍රීඩා කර නොමැති අතර 32 හැවිරිදි කණ්ඩම්බි එක්දින තරග 38 කදී අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 870 ක් රැස්කර තිබේ.
තුන් ඉරියව් ක‍්‍රීඩක 32 හැවිරිදි ඩිල්රුවන් එක්දින තරග හතරකට ක‍්‍රීඩා කර ඇති අතර 2008 වසරේ පෙබරවාරි මාසයෙන් අනතුරුව වසර හයකට අධික කාලයකට පසුව එක්දින සංචිතයට ඇතුළත් වීම කැපී පෙනේ. ටෙස්ට් පිලේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට ටෙස්ට් තරග 7 කදී කඩුලූ 36 ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.
ඉන්දීය සංචාරයට සහභාගි වූ පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් සහ අෂාන් ප‍්‍රියංජන් මෙම සංචිතයට ඇතුළත්ව නැත. එම සංචාරයට සහභාගි වූ පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න සහ පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් සංචියෙන් ඉවත්කර තිබේ.
දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 26 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිළිණ කණ්ඩම්බි, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, තිසර පෙරේරා සහ ළහිරු ගමගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.