Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර හෙට (7 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ අවසන් කී‍්‍රඩකයන් 12 දෙනා අතරට ඩිල්රුවන් පෙරේරා ඇතුළත්ව සිටීමත් ‘චයිනමන්’ පන්දු යවන්නකු වන ලක්ෂාන් රංගික සඳකැන් සංචිතයට එක්වීමත් අජන්ත මෙන්ඩිස්ට පීඩනයක් වී තිබේ. දිවා තරගයක් වන මෙම තරගය සඳහා සූදානම් කෙරෙන ආර්. පේ‍්‍රමදාස තණතීරුවේ ස්වභාවය අනුව තරගය සඳහා ඩිල්රුවන් පෙරේරා හෝ ලක්‍ෂාන් රංගික යොදාගන්නේද නැතහොත් අජන්ත මෙන්ඩිස් යොදාගන්නේද යන්න පිළිබඳ නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රධාන කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කරනු ඇත.
මෙම තරගය සඳහා වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් අතිරේක දිනයක් නොමැති හෙයින් ‘ඩක්වර්ත් ලූවිස්’ න්‍යාය හමුවේ පිතිකරුවන් පාලනය කරගත හැකි පන්දු යවන්නන් යොදා ගැනීමට සිදුවීමත් ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ ඇති අතිරේක අභියෝගයකි.
”අවසන් කී‍්‍රඩකයන් 11 දෙනා කවුරුන්ද කියා අප තවමත් තීරණය කරලා නෑ. සමහර විට තවත් දග පන්දු යවන්නකු යොදා ගන්නවාද නැතිනම් මේ ඉන්න (හම්බන්තොටදී පැවැති තරගයට කී‍්‍රඩා කළ කණ්ඩායම* කී‍්‍රඩකයන් සමගම යනවාද කියා තීරණයක් ගන්න වෙනවා”
අජන්ත මෙන්ඩිස් වඩාත් සාර්ථක වන්නේ මන්දගාමී තණතීරුවක පන්දුව පිත්තට සෙමින් ගලාඑන විටදීය. අජන්තයේ ස්ථානය සඳහා තණතීරුව ප‍්‍රතිචාර දක්වන්නේ එලෙසිනි.
”කොහොම වුණත් අපි ලක්ෂාන් සඳකැන් නම් ‘අපූර්ව’ පන්දු යවන්නකු සංචිතයට එක් කරලා තියෙනවා. ඔහු වමතින් චයිනමන් පන්දු යවන්නෙක්..ඔහුත් මේ වෙලාවේ කණ්ඩායමේ තැනක් සොයමින් ඉන්නේ” යයි අද පෙරවරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡවේදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ලක්ෂාන් සඳකැන් ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් විය හැකිද යන්න කළ විමසීමේදී නායකයා පවසා සිටියේ එය නොවන්නක් විය නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කෙරෙන කී‍්‍රඩකයන් 30 දෙනා අතරටද සඳකැන් ඇතුළත් වී ඇති බවයි.
චයිනමන් පන්දු යවන්නකු වශයෙන් ඉතාමත් නිවැරදි ඉලක්කයකට පන්දු යවන ලක්ෂාන් සඳකැන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යූහයට අනුගත වී සිටි කී‍්‍රඩකයකු බවද මැතිව්ස් කියයි.
”එයා පළමු පෙළ මට්ටමේදී ඒ තරම් තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ අයෙක් නෙමේ. ඒත් ඔහුගේ පන්දු යැවීමේ කිසියම් අපූර්වත්වයක් තියෙනවා කියලා අපට හිතෙනවා”
”ඔහුට සෑහෙන හොඳ පන්දු මිශ‍්‍රණයක් තියෙනවා. අපි ඔහුව තෝරා ගන්න අන්තිම මොහොත වෙනකන් සිටියා නෙමෙයි. නිවැරදි අවස්ථාව වෙනකම් බලා සිටියා.....ඒක අන්තිම මොහොත වෙන්නත් පුළුවන්” යයි මැතිව්ස් කීවේ සඳකැන් සම්බන්ධයෙන් තවත් ඉගියක් දෙමිනි.
මේ වන විට සී. සී. සී. පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ලක්‍ෂාන් රංගික සඳකැන් පළමුව කෝල්ට්ස් පිලටත් ඉන් අනතුරුව සැරසන් පිලටත් කී‍්‍රඩා කළ, කඳාන ද මැසනඞ් විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි, හුරු බුහුටි කී‍්‍රඩකයෙකි. ‘චයිනා’ යන කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතරේ ඔහු වඩාත් ජනපි‍්‍රය වී ඇත්තේ ඔහුගේ චයිනමන් පන්දු යැවීම හේතුවෙනි.
ඊයේ පැවැති ප‍්‍රධානතම එක්දින තරගාවලියේ තරගයකදී එස්. එස්. සී. පිල වෙනුවෙන් ශතක ලබාගත් කෞෂාල් සිල්වා (නොදැවී 100) සහ තරංග පරණවිතාන (නොදැවී 100) දෙදෙනා හමුවේ අසාර්ථක වීම හේතුවෙන් ලක්‍ෂාන් සඳකැන් සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගැනීමට ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව ඉක්මන් නොවනු ඇත. එහෙත් ඇතැම් විට තරගාවලියේ අවසන් කොටසේදී ලක්‍ෂාන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.
හම්බන්තොටදී පැවැති තරගය පරාජය වීමෙන් එංගලන්ත පිලට නැවතත් තරගාවලියට පිවිසීමේ අවස්ථාවක් ලැබුණ නමුත් මැතිව්ස් ඒ ගැන එතරම් නොතැවෙයි.
”අපි කලබල වෙන්න ඕන නෑ. ඒක තවත් එක තරගයක් විතරයි”
”ඒ තරගයේදී අපි ඒ තරම් හොඳට සෙල්ලම් කළේ නෑ. අපි හොඳින් පන්දුවට පහර දුන්නා වුණත් අපි හොඳින් පන්දු රැුක්කෙත් නෑ. හොඳින් පන්දු යැව්වෙත් නෑ”
”ඉතින් මේ තරගයේදී ඒ වැරදි හදාගන්නවා. මේ තරගයට මහේලත් ඉන්නවානේ” යයිද මැතිව්ස් පැවසීය.
මහේල ජයවර්ධන නැවතත් කණ්ඩායමට එක්වීම හේතුවෙන් තිළිණ කණ්ඩම්බිට සිය ස්ථානය අහිමි වීමේ අවදානමක් පවතී.
”මැද පෙළ දිහා බැලූවාම අපි හිතුවා ඕවර 30 ත් 35 ත් අතර කොටසේදී අපට අවශ්‍ය දේ කරගන්න කණ්ඩම්බි හොඳයි කියලා...ඒත් ඔහුගේ පන්දු රැකීම දිහා බැලූවාම අපට ඔහුත් එක්ක දිග ගමනක් යන්න අපහසුයි”
”මා දන්නවා ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඇරත් කී‍්‍රඩකයකු එක තරගයකින් මැන බලන එකත් අසාධාරණයි. ඒ කොහොම වුණත් අප යන්නේ ලෝක කුසලාන තරගාවලියටයි. ඒ නිසා අපේ තත්ත්වයන් ඉහළම මට්ටමක තියෙන්න ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.
ඒ කෙසේ වෙතත් මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවා වශයෙන් යෙදවීම පිළිබඳ තවමත් තීරණයක් ගෙන නැත. ආරම්භක පිතිකරුවාගේ අවස්ථාව දිගින් දිගටම කුසල් ජනිත්ට දෙමින් තේරීම් කමිටුව බලාපොරොත්තු වන්නේ විශාල තරග වලදී කණ්ඩායමේ බර කරට ගනිමින් පන්දුවට පහර දීම කුසල්ට හුරුකරවීමයි. එවන් කී‍්‍රඩකයකු සාර්ථක වන අවස්ථාව තරගයේ ජයග‍්‍රහණයකින් කෙළවර වීම සාමාන්‍ය තත්ත්වයකි.
කුසල් පිතිකරු ලයිස්තුවේ පහළින් කී‍්‍රඩා කරවන්නේද යන්න කළ විමසීමේදී මැතිව්ස් කියා සිටියේ ඔහුට අංක 1 සිට 7 දක්වා ඕනෑම තැනක පන්දුවට පහර දිය හැකි බවයි.
”ඔහුට තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව නිසා තමයි අපි ඔහුගැන විශ්වාසය තියාගෙන ඉන්නේත් දිගින් දිගටම අවස්ථාව දෙන්නේත්. ඉතින් අපට උවමනා කරන්නේ ඔහු ඒ අවස්ථාව අරගෙන ආරම්භක පිතිකරුවාගේ ස්ථානය තමන් සතුකරගනීවි කියලයි” යයිද මැතිව්ස් පැවසීය.
ජීවන් මෙන්ඩිස් අංක 7 පිතිකරුවා වශයෙන් ප‍්‍රමාණවත් දායකත්වයක් සපයමින් පන්දු යැවීමේදී සහ පන්දු රැුකීමේදීත් කණ්ඩායමේ බලාපොරොත්තු ඉටුකරමින් සිටීම නායකයාට විශාල සහනයක් වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.