Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිවිලියර්ස් රෝයල් චැලේන්ජර්ස් පිලට ජය ගෙනෙයි

ඩිවිලියර්ස් රෝයල් චැලේන්ජර්ස් පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒ.බී.ඩිවිලියර්ස්ගේ (නොදැවී 90) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර බැංගලෝර්හිදී අද (21 වැනිදා) පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට හැකිවිය.

ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවූ ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 39 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස්කිරීමට සමත්විය.

විරාත් කෝලී සමගින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 39 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඩිවිලියර්ස් සිවුවැනි කඩුල්ල සදහා කොරී ඇන්ඩර්සන් සමගින්ද පන්දු 29 කදී 56 ක සම්බන්තාවයක් ගොඩනැගීය.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් රැස් කළේය.

දෙවැනි කඩුල්ල සදහා ශ්‍රීයාස් අයියර් සමගින් පන්දු 49 කදී 75 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රිෂාබ් පාන්ට් පස්වැනි කඩුල්ල සදහා රාහුල් තෙවේටියා සමගින් පන්දු 25 කදී ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

රිෂාබ් පාන්ට් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළ අතර ශ්‍රීයාස් අයියර් පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට සමත්විය.

යුස්වේන්ද්‍ර චහල් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කණ්ඩායම් දෙකම එක් වෙනස්කම බැගින් සිදුකර ඇති අතර සර්ෆරාස් ඛාන් ඉවත්කර මනන් වෝරා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කැඳවීය. මොහොමඞ් ශාම් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමෙන් ඉවත්කර හර්ෂල් පටෙල් කණ්ඩායමට එක්කර ගත්තේය.

කාසියේ දිනාගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීම සදහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 174
(ශ්‍රීයාස් අයියර් 52, රිෂාබ් පාන්ට් 85, යුස්වේන්ද්‍ර චහල් 22/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 176
(විරාත් කෝලී 30, ඒ.බී.ඩිවිලියර්ස් නොදැවී 90)


අදහස් (0)

ඩිවිලියර්ස් රෝයල් චැලේන්ජර්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.