Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරග තුන පැවැත්වෙන්නේ එකිනෙකට කිලෝමීටර 1000 කට වඩා ඈතින් පිහිටි නගරවලදී බැවින් ක්‍රීඩාංගණයේ සහ ඒ ඒ ප්‍රදේශ වල පවතින දේශගුණික තත්ත්වය අනුව වෙනස්කරගත හැකි සැලසුම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතැයි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කියයි.
එම සැලසුම් අනුව කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය 6-5 හෝ 7-4 ලෙසින්ද එසේත් නැතහොත් 6-1-4 ක් ලෙසින්ද වෙනස්කරගැනීමේ අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය.
විසිහය හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින වඩාත්ම ප්‍රයෝජනවත් ක්‍රීඩකයාය. දකුණතින් වේග පන්දු යවන්නකු වන දසුන් ශානක පසුගියදා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරය කරමින් ශතකයක් ලබාගැනීමෙන් පසුව ලාහෝර්හිදී පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අසරණව දැවී යද්දී තමන්ගේ කඩුල්ල රැකගෙන ලකුණු 54 ක් ලබාගත්තේය. ඒ පිතිකරුවකු වශයෙන් ඔහුට කළ හැකි කාර්යයයි.
“ඉන්දියානු කණ්ඩායම අපිත් එක්ක තරග කරාට පස්සේ සතියක් ගතවෙන්නත් කලින් දකුණු අප්‍රිකාවේ යන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා අපට තරමක් වේගවත් තණකොළ සහිත තණතීරු ලැබෙන්නත් පුළුවන් කියලා අදහසක් තියෙනවා”
“එහෙම වුණොත් අපේ පන්දු යවන්නන්ගේ සංයුතිය අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්” යයිද චන්දිමාල් ඊයේ රාත්‍රියේ ලංකාදීපයට පැවසීය.
ඩිල්රුවන් පෙරේරා මේ වන විට ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවර සාමාජිකයකු වී සිටින බැවින් ඔහු පන්දු යවන්නන්ගේ ගොඩට දමා දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩකයකු සේ කණ්ඩායමට එක්වන්නේ නම් කණ්ඩායමේ විශ්වාසය තැබිය හැකි පිතිකරුවන්ගේ සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ නගී. එහෙත් පන්දු යවන්නකු වශයෙන් කඩුලු දවාගැනීමත් දසුන් ශානකගෙන් ඉටුවිය යුතු අත්‍යවශ්‍ය කාරියකි.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තේරීමේදී සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පිතිකරුවන් 7 ක් (කඩුලු රකින්නාද ඇතුළුව) සහ පන්දු යවන්නන් 4 ක් යොදා ගැනීමයි. එහෙත් පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තරගාවලියේදී විශේෂඥ පන්දු යවන්නන් පස්දෙනකු යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. එහි ප්‍රධාන අරමුණ වූයේ අරාබියේ පවතින දැඩි උෂ්ණත්වය නිසා පන්දු යවන්නන් වෙහෙසට පත්වීම පාලනය කරගැනීමයි.
අරාබියේ තරම් ගිනි රස්නයක් නොදැනෙන ඉන්දියාවේදී ටෙස්ට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගන අතර දුර කිලෝමීටර 1000 ඉක්මවයි. පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන කොල්කටාවේ සිට කිලෝමීටර 1230 ක් දුරින් පිහිටි නාග්පූර්හි දේශගුණික තත්ත්වය දූවිල්ලෙන් වැසුණු කොල්කටාවට වඩා හාත්පසින්ම වෙනස්ය. නාග්පූර් සිට කිලෝමීටර 1057 ක් දුරින් පිහිටි නවදිල්ලියේ තත්ත්වය තවත් ආකාරයක් ගනී. එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳ අනාවැකි කිව නොහැකි නමුත් අරාබියේ තරම් පන්දු යවන්නන් වෙහෙසට පත්නොවන බව නම් කිව හැකිය.
කෙසේ වෙතත් සැලකිල්ලට ගතයුතු කාරණය වන්නේ දෙසැම්බරය යනු ශ්‍රී ලංකාවට උතුරින් පිහිටි ඉන්දියාවේ උෂ්ණත්වය එන්න එන්නම අඩුවන මාසය බවත් එහි බලපෑම කණ්ඩායමට මෙන්ම තරගයටත් ඇතිවන බවත්ය.
එංගලන්තයේ ලීඞ්ස්හිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දසන් ශානක බටහිර ඉන්දීය ‘ඒ’ පිලට එරෙහිව කළ දස්කම් වෙනුවට ලද ත්‍යාගය කදිමය. එහෙත් තමන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මෙම තරුණ ක්‍රීඩකයා අපොහොසත් වුවහොත් දැනටමත් අතිරේක ලයිස්තුවේ සිටින අසේල ගුණරත්න විසින් ඔහුගේ ස්ථානය අත්පත්කර ගනු ලැබීම වැළැක්විය නොහැකිය.
අසේල ගුණරත්න හෙට (9 වැනිදා) පුහුණු තරගයකට සහභාගි වෙයි. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව යහපත් තත්ත්වයක තිබේ නම් කණ්ඩායමේ 16 වැනි ක්‍රීඩකයා වශයෙන් ලැබෙන පළමුවැනි ගුවන් යානයෙන්ම ඉන්දියාව බලා යාමට අසේල ගුණරත්න සූදානමින් සිටී.
ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලයිස්තුව මේ වන විට කටුවැඩ කොලයක ඇඳුණු කටුසටහනක් වැනිය. කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු මෙන්ම විශ්වාසය තැබිය හැකි පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකින් පසුව කණ්ඩායමට එක්වෙතත් ඔහු ක්‍රීඩා කරන්නේ කොතැනද යන්න පිළිබඳව තවමත් තීරණයක් නැත. කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමට එක්නොවීම ඔහුගේ තරම දන්නා ඉන්දියානුවන්ගේ මහත් ප්‍රහර්ෂයට හේතුවී තිබේ.
දශක කිහිපයක්ම වෘත්තීය ක්‍රිකට් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කර මේ වන විට විශ්‍රාම ගෙන සිටින ප්‍රවීණතම ඉන්දිය මාධ්‍යවේදියකු වන කුල්ඩිප් ලාල් මහතා විමසා තිබුණේ “කුසල් මෙන්ඩිස්ටත් තැනක් නැතිවෙන්න තරම් ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලයිස්තුව ඒ තරමටම ශක්තිමත්ද ?” කියාය. “ඉන්දීය පන්දු යවන්නනි, පරෙස්සම් වෙයල්ලා” යිද ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.
දීර්ඝ කාලයක් ටෙස්ට් පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානයේ සිටි වත්මන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ස්ථාවර ලෙසින්ම අංක 5 ස්ථානයට බැසීමට තීරණය කර තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ අවශ්‍ය වුවහොත් කඩුලු රකින්නාගේ වගකීමද බාරගැනීමේ සූදානම ඇතිවය.
ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලු රකින්නා වශයෙන් නිරෝෂන් දික්වැල්ල කටයුතු කරන නමුත් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයන් අතරේ අතිරේක කඩුලු රකින්නකු සිටිය යුතු බැවින් අවශ්‍ය වුවහොත් කඩුල්ල පිටුපස රාජකාරී බාරගැනීම සඳහා තමන් අංක 5 ස්ථානයට යන බව චන්දිමාල් පැවසීය.
නිමාවූ පාකිස්තානු - ශ්‍රී ලංකා තරගාවලියේදීත් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කළ චන්දිමාල් පිතිකරුවකු ලෙසින්ද සාර්ථක විය. එම තරග දෙකේ ඉනිම 4 කදී ලකුණු 224 ක් ලබාගත් චන්දිමාල් තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ දිමුත් කරුණාරත්න (ලකුණු 306 ) සහ රංගන හේරත් (කඩුලු 16) සහ ඩිල්රුවන් පෙරේරා (ලකුණු 97 සහ කඩුලු 12) තිදෙනාගේ සහයෝගය මැනවින් ලබාගනිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පිලට එරෙහිව එම දුර්ලභ ජයග්‍රහණය ලබාගත්තේ ඉන්දිය පිල හමුවේ ලද 3-0 ක තරගාවලි පරාජයකින් පසුවය.
මෙවර ඉන්දීය සංචාරයේදී දිමුත් කරුණාරත්න සහ සධීර සමරවීක්‍රම ආරම්භක පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්වෙද්දී කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ අංක 3 ස්ථානයට ළහිරු තිරිමාන්න සමග ධනංජය ද සිල්වා තරග වදිති.
ආබාධයකින් පසුව කණ්ඩායමට එක්වන ඇන්ජලෝ මැතිව්ස් අංක 4 හෝ අංක 6 තෝරාගනු ඇතැයි වාර්තා වේ. නිරෝෂන් දික්වැල්ලට අමතරව රොෂේන් සිල්වාත් කණ්ඩායමේ සිටින බැවින් අංක 6 සහ 7 ස්ථාන පිරවීමේ විශාල අර්බුදයක් නැතත් මැතිව්ස් අංක 4 තෝරාගැනීම නම් ඔහුගේ පිතිහරඹය උඩුයටිකුරු කිරීමක් බව නිසැක වශයෙන්ම කිවහැකිය.
ඉන්දියාවේ ඊසාන දිග දෙසින් පිහිටි කොල්කටා නුවර බලා අද පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනා අතුරින් මීට පෙර ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් දෙදෙනා පමණි. නායක චන්දිමාල් පවා ඉන්දියාවේදී ටෙස්ට් තරගයකට සහභාගි වී නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දියාවේ සංචාරය කළේ 2009 දී වන අතර චන්දිමාල් ටෙස්ට් වරම් ලබාගත්තේ 2011 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිවය.
මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි විස්ස තරග 3 කින් සමන්විතය. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.