Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරිදු - කසුන් පන්දු යැවීමේ බලැනියට

තරිදු - කසුන් පන්දු යැවීමේ බලැනියට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (18) ආරම්භ වන දෙවැනි තරගයට යොවුන් පිට දග පන්දු යවන ක‍්‍රීඩක තරිදු කෞෂාල් සහ යොවුන් වේග පන්දු යවන ක‍්‍රීඩක කසුන් මධුසංඛ ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සූරියවැවදී පැවැති පළමු තරගයෙන් කඩුලූ 10 ක ජයක් ලබමින් 1-0 කින් තරගාවලියේ පෙරමුණේ සිටියි.   

මෙම තරගයට සහභාගි වන ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ටෙස්ට් ක‍්‍රීඩකයන් වන කිත්රුවන් විතානගේ සහ නුවන් ප‍්‍රදීප් කැදවා සිටිති.

සූරියවැවදී පැවැති පළමු තරගයට ක‍්‍රීඩා කළ ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ශාමින්ද එරංග, ළහිරු ගමගේ සහ සීකුගේ ප‍්‍රසන්න මෙම තරගයට සහභාගි නොවෙති. ඒ වෙනුවට ටෙස්ට් ක‍්‍රීඩකයන්ට අමතරව වමතින් පා දග පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක සහ ලක්‍ෂාන් රංගික යන ක‍්‍රීඩකයෝ සංචිතයට කැදවා සිටිති.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නිත්‍ය පුහුණුකරු රොමේෂ් කඵවිතාරණ මහතා හම්බන්තොටදී අසනීප වී ප‍්‍රතිකාර ලැබීම හේතුවෙන් හිටපු ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා මෙම තරගයේදී තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

තරගයට සහභාගි වන කණ්ඩායම පිළිබදව කළ විමසුමකදී රාමනායක මහතා පැවසුවේ තරගයට සහභාගි වන කණ්ඩායම ජාතික තේරීම් කමිටුව විසින් තෝරනු ලබන බවයි.

මේ පිළිබදව කළ විමසුමකදී ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයකු පැවසුවේ උයන්වත්ත තණතිරුව වේග පන්දු යවන්නන්ට උචිත තත්ත්වයක පැවතීම හේතුවෙන් වේග පන්දු යවන්නන් තිදෙනකු සහ දග පන්දු යවන්නකු සමග තරගයට පිවිසෙන බවයි.

මෙහිදී වේග පන්දු යවන්නන් ලෙස නුවන් ප‍්‍රදීප්, විශ්ව ප‍්‍රනාන්දු සහ කසුන් මධුසංඛ ක‍්‍රීඩා කිරීමට නියමිතය. තරි`දු කෞෂාල් එකම නිත්‍ය ද`ග පන්දු යවන්නා වේ.  

පිට දග පන්දු යවන 21 හැවිරිදි තරිදු කෞෂාල් මේ වන විට පළමු පෙළ තරග 21 කදී කඩුලූ 118 ක් දවාගෙන තිබේ. දකුණතින් වේග පන්දු යවන කසුන් මධුසංඛ පළමු පෙළ තරග 29 කදී කඩුලූ 94 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

සූරියවැව තරගයට සහභාගි වූ කොදෙව් තුන් ඉරියව් නිකීතා මිලර් මේ වන විට කොදෙව් ජාතික කණ්ඩාම සහභාගි වන එක්දින තරගාවලිය සදහා ඉන්දියාවට පිටත්ව ගොස් ඇති අතර ඒ වෙනුවට ඊයේ උදෑසන නවක ක‍්‍රීඩකයකු ශ‍්‍රී ලංකාවට පැමිණියේය.  

ශ‍්‍රී ලංකා පිල ඊයේ (17) පෙරවරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර වර්ෂාව හේතුවෙන් එම පුහුණු සැසිය විනාඩි 45 කට පමණ සීමා විය. කොදෙව් පිල පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව සිටි අතර වර්ෂාව හේතුවෙන් එය ද අවලංගු කළේය.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ නැවත වර්ෂාව නැවතී හිරු රැස් ක‍්‍රීඩාංගණයට පතිත වූ අතර ඒ කාලය තුළදී තණතීරුව සකස් කළ ආකාරය දැකත හැකි විය.


ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
උපුල් තරංග (නායක), දිමුත් කරුණාරත්න, මාධව වර්ණපුර, කිත්රුවන් විතානගේ, ජෙහාන් මුබාරක්, අෂාන් ප‍්‍රියංජන්, නිරෝෂන් දික්වැල්ල, තරිදු කෞෂාල්, ලක්‍ෂාන් රංගික, නුවන් ප‍්‍රදීප්, කසුන් මධුසංඛ, විශ්ව ප‍්‍රනාන්දු, රොමේෂ් බුද්ධික, මාලින්ද පුෂ්පකුමාර සහ නිසල තාරක

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සංචිතය:
කාලෝස් බ‍්‍රැත්වයිට්(නායක), අසාද් ෆුඩින්, ක්‍රෙග් බ‍්‍රැත්වයිට්, කර්ක් එඞ්වඞ්ස්, සුනිල් ඇම්බි‍්‍රස්, ජොනතන් කාටර්, ජර්මේන් බ්ලැක්වුඞ්, චැඞ්වික් වෝල්ටන්, ඇන්ඩෲ ෆ්ලෙචර්, දේවේන්ද්‍ර බිෂූ, ෂේන් ෂිලිංෆෝඞ්, මිගෙල් කමින්ස්, ෂෙල්ඩන් කොටි‍්‍ර සහ ශනොන් ගේබි‍්‍රයල්

 


අදහස් (0)

තරිදු - කසුන් පන්දු යැවීමේ බලැනියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.