Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තෙවැනි දිනය වැස්සට සේදෙයි

තෙවැනි දිනය වැස්සට සේදෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර කේප්ටවුන්හි නිවුලැන්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිවිය. විටින් විට වර්ෂාව පැවැතීම හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර පස්වරු 3.30 පමණ තරගයේ තෙවැනි දිනය අතරහැර දැමීමට විනිසුරුවන් තීරණය කළහ.

දෙවැනි දිනය නිමාවනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 2 කට දැවී ලකුණු 65 ක් රැස්කර සිටි අතර ඉන්දියාවට වඩා ලකුණු 142 ක් ඉදිරියෙන් සිටියේය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - ඕවර 73.1 කදී සියලුදෙනා දැවී ලකුණු 286
(ඒ.බී. ඩිවිලියර්ස් 65, ෆෆ් ඩුප්ලෙසීස් 62, කුයින්ටන් ඩිකොක් 43, වර්නන් ෆිලැන්ඩර් 23, කේෂව් මහරාජ් 35, කගීසෝ රබාඩා 26, බුවනේෂ්වර් කුමාර් 87/4, රවිචන්ද්‍රන් අශ්වින් 21/2)

ඉන්දියාව - පළමු ඉනිම - ඕවර 73.4 කදී සියලුදෙනා දැවී ලකුණු 209
(චෙතේෂ්වර් පුජාරා 26, හර්දික් පාණ්ඩ්‍යා 93, බුවනේෂ්වර් කුමාර් 25, වර්නන් ෆිලැන්ඩර් 33/3, කගිසෝ රබාඩා 34/3, ඬේල් ස්ටේන් 51/2, මෝර්න් මෝකල් 57/2)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 65
(ඒඞ්න් මැක්‍රම් 34, ඩීන් එල්ගා 25, හර්දික් පාණ්ඩ්‍යා 17/2)

 


අදහස් (0)

තෙවැනි දිනය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.