Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිරිමාන්නගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

තිරිමාන්නගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ළහිරු තිරිමාන්නගේ (නොදැවී 107) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (2 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 271 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 262 ක් රැස්කර සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවරුන් විසින් තීරණය කළහ.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කොළඹ කණ්ඩායම ජයග්‍රහණය සදහා රැස්කළ යුතුව තිබූයේ ලකුණු 259 ක් වූ අතර එම අවස්ථාව වන විට ලකුණු 4 ක් ඉදිරියෙන් සිටීම නිසා ජයග්‍රහණය ඔවුන්ට හිමිවිය.

කලකට පසුව ලකුණු අතරට පැමිණි ලකුණු තිරිමාන්න පන්දු 99 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 107 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ධනංජය ද සිල්වා සමගින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 69 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ළහිරු තිරිමාන්න පස්වැනි කඩුල්ල සදහා චාමර සිල්වා සමගින් ලකුණු 57 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
ළහිරු ගමගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 40 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 270 ක් රැස්කිරීමට සමත්වූහ.

වේගවත් ආරම්භයක් ලබාගත් කුසල් පෙරේරා පළමු කඩුල්ල සදහා සංගීත් කුරේ සමගින් එක්ව පන්දු 54 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් පවත්වමින් දඹුල්ල කණ්ඩායමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අඩිතාලම දමා දුන්නේය.

කුසල් පෙරේරා ආරම්භයේදී ලබාදුන් ලකුණු ලබාගැනීමේ වේගය එලෙසම රඳවාගත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවෝ ලකුණු 250 සීමාවෙන් ඔබ්බට කණ්ඩායම රැගෙන ගියහ.

අශාන් ප්‍රියංජන් සහ සචිත්‍ර සේරසිංහ සිවුවැනි කඩුල්ල සදහා පන්දු 86 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර මිලින්ද සිරිවර්ධන සහ ළහිරු මදුශංක හයවැනි කඩුල්ල සදහා 35 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

අශාන් ප්‍රියංජන් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරතවූ මිලින්ද සිරිවර්ධන පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කළේය.

ඩිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර දෙපිළටම තරගය ඕවර 40 කට සීමාවිය.


දඹුල්ල කණ්ඩායම - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 270
(කුසල් පෙරේරා 59, අශාන් ප්‍රියංජන් 50, සචිත්‍ර සේරසිංහ 40, මිලින්ද සිරිවර්ධන නොදැවී 51, ළහිරු මදුශංක 22, ඩිල්රුවන් පෙරේරා 39/2, තිසර පෙරේරා 44/2, විශ්ව ප්‍රනාන්දු 64/2)

කොළඹ කණ්ඩායම - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 262
(ළහිරු තිරිමාන්න නොදැවී 107 , ධනංජය ද සිල්වා 41, ඇන්ජලෝ පෙරේරා 26, චාමර සිල්වා 25, තිසර පෙරේරා 32, ළහිරු ගමගේ 47/2, අසිත ප්‍රනාන්දු 47/2)

 

කොළඹ - දඹුල්ල අන්තර් පළාත් එක්දින තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ

01 02 03 04 05 07


අදහස් (0)

තිරිමාන්නගේ ශතකය කොළඹට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.