Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසරගේ ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවයි

තිසරගේ ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවයි

ශනුක අරවින්ද - 2018 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ශිලාත්හිදී අද (19 වැනිදා) පැවැති නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 67 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කරගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 275 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් උපුල් තරංග පන්දු 51 කදී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 88 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 111 ක් රැස්කළේය. මාලින්ද පුෂ්පකුමාර (8) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ තිසර, ඉන් නොනැවතී ෂෙහාන් මධුෂංක (36) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 276 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ඕවර 44.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාලින්ද පුෂ්පකුමාර සහ නිෂාන් පීරිස් කඩුලු 3 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ ඉනිම සුනුවිසුණු කර දැමූහ.

බංග්ලාදේශ ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අල් අමීන් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 46 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දසුන් ශානකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.

-036


අදහස් (0)

තිසරගේ ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.