Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිලංග නිලවරණයට නෑ

තිලංග නිලවරණයට නෑ

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දේශපාලනයට ඉටුවිය යුතු වගකීමට මුල්තැන දීමට තීරණය කිරීම නිසා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා අද (17) පැවසීය.

‘සුමතිපාල’ පාර්ශවයෙන් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන මොහාන් ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොවෙයි. ජාතික දේශපාලනයේ වගකීමක් ඉටු කරන්න මට තියෙනවා. ඒ නිසා එම වගකීම ඉටුකරන්න මම තීරණය කළා. එය ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය වගකීමක්. ඒ නිසා මම නිලවරණයට ඉදිරිපත් නොවී ඉතාමත් ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කළා”
“වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වුණා”

“ඡන්දයට ඉදිරිපත්වීමට අධිකරණයෙන් මට අවසර දීලා තියෙනවා. කිසිම උසාවියකින් මට ඡන්දයට ඉදිරිපත්වීම තමනම් කරලා නෑ. ජාති අවශ්‍යතාවය සඳහා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු එකතු කරගෙන ගමනක් යන්න තියෙනවා” යැයි සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ‘සුමතිපාල’ පාර්ශවයේ සභාපති ධූර ප්‍රධාන අපේක්‍ෂක මොහාන් ද සිල්වා මහතා පැවසුවේ තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර බවයි.

“2016 වසරේ අපි නැවත පාලනයට පැමිණියාට පසුව විශාල වැඩ කොටසක් කළා. අපි නැවත පාලනයට පැමිණි පසු පළමු ඉලක්කය 2019 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් පහසුකම් සැපයීමයි”

“මතිවානන් මහතා අභියෝගයක් නොවෙයි. සාමාජිකයො වැඩි සංඛ්‍යාවක් ඉන්නේ අපිත් එක්කයි” යැයි මොහාන් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ක්‍රිෂාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, ශම්මි සිල්වා, ලසන්ත වික්‍රමසිංහ සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරු ද සහභාගි වූහ.
 

ඡායාරූපය - ළහිරු හර්ෂණ

 


අදහස් (0)

තිලංග නිලවරණයට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.