Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ලෝක කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබේ.
දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩුප්ලෙසි ලෝක කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති අතර ඔහුට අමතරව තවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සිවු දෙනෙක්ද (හෂීම් අම්ලා, මෝනි මෝකල්, ඬේවිඞ් මිලර් සහ ඉම්රාන් තාහීර්) ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක්ද (ජෝජ් බේලි, බෙන් කටින් සහ ටිම් පේන්), බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙක්ද (ඩැරන් සැමී සහ සැමුවෙල් බද්රි) එංගලන්තයෙන් (පෝල් කොලින්වුඩ්), නවසීලන්තයෙන් (ග්‍රාන්ට් එලියට්) සහ බංගලාදේශයෙන් (ටමීම් ඉක්බාල්) එක් ක්‍රීඩකයා බැගින්ද ලෝක කණ්ඩායමට කැඳවා සිටිති.
සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන ඇන්ඩි ෆ්ලවර් මහතා මෙම තරගාවලියේදී ලෝක කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
මෙම විස්සයි20 තරගාවලියේ සියලුම තරග ලාහෝර් නුවරදී පැවැත්වෙන අතර ඉන් පළමු වැන්න සැප්තැම්බර් මස 12 වැනිදාද, දෙවැන්න 13 වැනිදාද, තෙවැන්න 15 වැනිදාද පැවැත් වේ.
ලෝක කණ්ඩායම -
ෆෆ් ඩුප්ලෙසි (නායක), හෂීම් අම්ලා, මෝනි මෝකල්, ඬේවිඩ් මිලර්, ඉම්රාන් තාහීර්, ජෝජ් බේලි, බෙන් කටින්, ටිම් පේන්, ඩැරන් සැමී, සැමුවෙල් බද්රි, තිසර පෙරේරා, පෝල් කොලින්වුඞ්, ග්‍රාන්ට් එලියට්, ටමීම් ඉක්බාල් සහ ඇන්ඩි ෆ්ලවර්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.